Friday, November 15, 2019


නූතන යුරෝ විද්‍යාව සහ පුරාණ ශිෂාඨාචාරික විද්‍යාව.

නූතන විද්‍යාව බිහිවීමට අවශ්‍ය කරන බුද්දිමය පසුබිම දහතුන්වන සියවසේදී පමණ වර්ධනය වුවද ඊට අදාළ  සෘජු පරිවර්ත්න ආරම්භ වූයේ ක්‍රිස්තුවර්ෂ දහසය වන සහ දහත් වන සියවස් වලදි යුරෝපය කේන්ද්‍ර කරගෙනය. තාරකා ශාත්‍රය සහ භෞතික විද්‍යාව පසුබිම්කොටගත් මෙම ව්‍යාපාරය ආරම්භ්වීමට පුරෝගාමි වූයේ කොපනිකස්, ගැලීලියො ගැලලි,සහ නිව්ටන්ය.මෙම කීර්තිමත් විද්‍යාඥයන්ගේ නව සොයාගැනීම් වලට පදනම සපයන ලද්දේ ෆ්‍රැන්සිස් බේකන් විසින් විද්‍යාත්මක ක්‍රමය වශයෙන් පැහැදිලි කරන ලද තොරතුරු ගවේෂණයට අදාළ කරගත හැකි ක්‍රමවේදයත් දාර්ශනිකයකු වූ රෙනෙ ඩේකාටස් විසින් හදුන්වා දෙන ලද විශ්ලේෂණ සහ අනුමාන කිරීමට අදාළ ක්‍රමවේදයන්ය. එමගින් එතෙක් බටහිර රටවල පැවති ඇරිස්ටෝටලියානු සම්ප්‍රදායේ විද්‍යාත්මක අදහස් වලට පදනම සැපයූ දාර්ෂනික පසුබිමට වෙනස් ලෝ දෘෂ්ටියක් නිර්මාණය කළේය. මේ සියල්ල එක්ව ගත්කල හැදින්වෙන්නේ නූතන විද්‍යාව නමිනි. ඇත්තෙන්ම ඒ ව්‍යවහාරය යුදෙව් ක්‍රිස්තියානි බුද්ධිමය සම්ප්‍රදායේ නිමවුමකි. ඩේකාටස්ගේ ක්‍රමය වූයේ විෂ්ලේශණයි. සිතුවිලි හා ගැටළු කැබලි වලට බිදහෙලා ඒවා තර්කානු අනුපිළිවෙලකට සකස් කිරීම එහි ක්‍රමවේදයයි. ඩේකාටස් විසින් නූතන විද්‍යාවට දායක කළ විශිෂ්ඨ අදහස එයයි. මිනිසෙකුට සද මත පා තැබීමට හැකි වූයේ නූතන විද්‍යාවේ පවතින මෙම විශ්ලේෂණාත්මක ප්‍රවේෂය නිසාය.ඩේකාටස්ගේ ප්‍රසිද්ද ප්‍රකාශයක් වූ"මම සිතමි, එහෙයින් මම ටිමි" යන්න සියළු දාර්ශනික මතවාද මගින් සාකච්ඡාවට ලක් කර තිබෙන මනස සහ ශරීරය පිළිබද ස0කල්පයට සම්බන්ධ ඔහුගේ බුද්දිමය ස්ථාවරය පිළිබිඹු කරයි. ඩේකාට්ස විසින් පතළ කළ අදහස මගින් අවධාරණය කරන්නේ ශරීරයට මනස අයත් නොවන අතර මනස ශරීරයට අයත් නොවේය යන කල්පනාවයි.මෙම කාටීසියානු බෙදීම නූතන විද්‍යාවේ කේන්ද්‍රිය දාර්ශනික පදනමයි.ලෝකය දෙස යාන්ත්‍රික්ව බැලීමට නූතන විද්‍යාව හුරු වූයේද ඒ ආනුභාවයෙනි.


ඩේකාට්ස්ගේ දර්ශනය නිසා විද්‍යාවේ තර්කානුකූල බව විශ්ලේෂණය වූවා පමණක් නොව එමගින් ලෝකය මත ආධිපත්‍ය පැතිරවීමත් ලෝකය පාලනය කිරීමටත් බල පෑමක් ඇති කළේය.පුරාණ කාල්යේ පෙරදිග පැවති අදහස් යුරෝ ස0ස්කෘතිය සමග පැහීමක් නොමැතිවන්නේ මේ නිසාවෙනි. පෙරදිග රට වල පැවති ඥාණය පසුබිම් කරග්න්නේ පළපුරුද්ද අවබෝධය හා ස්වාභවික අනුපිළිවෙළයි.
චීන වැසියෝ ක්‍රිස්තු පූර්ව 2000 වන විට ලෝකඩ ලෝහය සකස් කිරීමට නිෂ්පාදනය කිරීමටත් යාතු කර්ම වලට භාවිතා කරන ලද පූජාභාණ්ඩ වලින් පෙනී යයි. ඊජිප්තු වැසියන්ගේ ස0කල්පනාවක් වූ මමිකරණය ලෝකයේ බිහි වූ විශිෂ්ඨතම සුසාන ක්‍රමය ලෙස පිළිගැනේ.මමිකරණය සදහා ජෛව පදාර්ථ වෙනස් වීම සහ ඒවා වෙනස් වීමට බලපාන කරුණු පිළිබදව මනා අවබෝධයක් ලබා තිබිය යුතුය. ඉන්දියානු ශිෂ්ඨාචාරයේ ජෙවත් වූ ආර්යභට, භාෂ්කරසහ බ්‍රහ්මපුත්ත යනු අද්විතීය ගණිතඥයන් තිදෙනෙකි.තිකෝණමිතිය පිළිබදව ගණිතකර්ම නූතන විද්‍යාවෙන් හදුන්වා දීමට බොහෝ පෙර ඉන්දියාව තුළ භාවිත කළ බවට සාක්ෂි හමු වී ඇත.

චීන වැසියෝ ක්‍රිස්තු පූර්ව 2000 වන විට ලෝකඩ ලෝහය සකස් කිරීමට නිෂ්පාදනය කිරීමටත් යාතු කර්ම වලට භාවිතා කරන ලද පූජාභාණ්ඩ වලින් පෙනී යයි. ඊජිප්තු වැසියන්ගේ ස0කල්පනාවක් වූ මමිකරණය ලෝකයේ බිහි වූ විශිෂ්ඨතම සුසාන ක්‍රමය ලෙස පිළිගැනේ.මමිකරණය සදහා ජෛව පදාර්ථ වෙනස් වීම සහ ඒවා වෙනස් වීමට බලපාන කරුණු පිළිබදව මනා අවබෝධයක් ලබා තිබිය යුතුය. ඉන්දියානු ශිෂ්ඨාචාරයේ ජෙවත් වූ ආර්යභට, භාෂ්කරසහ බ්‍රහ්මපුත්ත යනු අද්විතීය ගණිතඥයන් තිදෙනෙකි.තිකෝණමිතිය පිළිබදව ගණිතකර්ම නූතන විද්‍යාවෙන් හදුන්වා දීමට බොහෝ පෙර ඉන්දියාව තුළ භාවිත කළ බවට සාක්ෂි හමු වී ඇත.

ක්‍රිස්තුවර්ෂයෙන් දහතුන්වනසියවසෙන් පසු ශ්‍රී ල0කාව ද නොයෙක් පරිමාණයේ දේශපාලනික ව්‍යාකූලතා වලට ගොදුරු විය.මේ හේතුව නිස පැරණි ශිෂ්ඨාචාරික සමයට අයත් වූ ආවේණික විද්‍යාදැනුම පවත්වා ගෙන පැමිණි ආයතනික රාමුව අකාරුණික ලෙස බිද වැටුනි.යුරෝ කෙන්ද්‍රික යටත් විජිත ව්‍යාපාරය ඔස්සේ පෙරදිග ඇතැම් රටවලට නූතන විද්‍යාව සහ තාක්ෂණය විසරණය වූයේද එවැනි පසුබිමකය.එම අදහස් ශ්‍රී ල0කාව ආදි යටත් විජිතකරණයට ලක් වූ සමාජ වල කෙතෙරම් දුරට මුල් බැස ගත්තේද යත් එතෙක් ව්‍යවහාරයේ පැවති ස්වදේශීය සම්ප්‍රදාය විද්‍යාත්මක නොවූවක්ය යන සිතිවිල්ල ඇතිකිරීමට තරම් එය ප්‍රභල විය.මිෂනාරි අධ්‍යාපන ක්‍රමය එසේ සිතන්නට පොළඹවන අධ්‍යාපන ක්‍රමයක්යටත් විජිතය උදෙසා නිර්මණය කළේය. එවැනි තත්වයකට ගොදුරු සමාජය ඉදිරියේ තිබෙන වඩාත් බරපතළ අභියෝගය නම් නූතන විද්‍යාවේ දිග පළල දැනගැනීමට වඩා එය අපගේ ප්‍රශ්න සියල්ල විසදා දෙන එකම විමුක්තිය යැයි සිතන සිතුවිල්ලෙන් ගැලවීමය. එවැනි අනුකාරක චින්තනයකින් මිදීමට නම් කළ යුතු එක්  ප්‍රධාන කටයුත්තක් වන්නේ දේශීයව පැවති බුද්ධිමය භාවිතය ව්සම්ප්‍රදාය පිළිබදව දැනුවත් වීම සහ ඒවායේ පවතින සාරාර්ථය අගය කිරීමට අවශ්‍ය ආකල්ප වැඩිදියුණු කරගැනීමය. 

No comments:

Post a Comment