Friday, November 15, 2019


ගුවන් යානයට පිටුපසින් ඇදෙන රේඛාව ගැන තොරතුරු දැන ගනිමු.

අපි කවුරුත් දන්නා කාරණාවක් තමයි ගුවන් යානාවක් සිය මෙහෙයුම් කටයුතු කටයුතු කරන්නේ ඉන්දන දහනයෙන් බව. මෙම දහනයේදී කබන්ඩයොක්සයිඩ්, නොදැවුනු ඉන්දන හා ජල වාෂ්ප අවශේෂ ලෙස පරිසරයට මුදාහරිනවා.ඉතා ඉහළ වේගයක් යටතේ එන්ජිමෙන් පිටතට ගමන් කරන මෙම අවශේෂ අතර තිබෙනෙ ජල වාෂ්ප වායු ගෝලයට එක් වූ සැනින් සිසිලනයට ලක් වී කුඩා ජල බිදිති බවට පරිවර්තනය වනවා. එසේ සිදු වීමට හේතුව තමයි ගුවන් යානාව පියාසර කරන වායුගෝල කලාපය ජල වාෂ්ප වලින් සන්තෘප්තව පැවතීමයි.මෙම ස0කීර්ණ ක්‍රියාවලිය සිදු වීමට ගත වන්නේ ඉතා කෙටි කාලයක්. අප ඉහත සදහන් කල ජල බිදිති ක්‍රමයෙන් අයිස් ස්ඵටික බවට පත් වෙලා පෙළ ගැසුණු වළාකුළු ලෙස සකස් වෙනවා.ඉතින් මෙය රේඛාවක් විදියට තමයි සකස් වෙන්නේ. හේතුව ගුවන් යානාවේ මග ඔස්සේ ගමන් මග ඔස්සේ පමණක් එම අයිස් ස්ඵටක නිර්මාණය වීමයි. තවත් කාරණයක් තමයි මෙම රේඛා නිර්මාණයට දහනයෙන් පිටවන වායුවේ ජල වාෂ්ප වගේම දූවිලි අ0ශු ආදිය අන්තර්ගතව තිබීමත් වැදගත් බව.

මෙම රේඛා වල ලක්ෂණ කිහිපයක් ඇත. ඇතැම් රේඛා මද වේලාවකින් මැකී යනව, ඇතම් විට මද වේලාවකින් පැතිරුණු  ස්වභාවයක් ගන්නවා. ඇතැම් විට බොහෝ වේලාවක් එලෙසම පවතිනව. මෙම අවස්ථා දෙස බලා වර්ෂාව පිළිබදව අනාවැකි ඉදිරිපත් කරන්න පුළුවන්.
මෙම පියමන් රේඛා නිර්මාණය වීමක් සිදු නොවන්නේ නම් ඒ දිනවල වියලි කාළගුණයක් පවතින බවටත්, පියමන් රේඛා නිරමාණය වීමෙන් පසු බොහෝ වේලාවක් එලෙසින්ම පවතී නම් වායුහෝලයේ තරමක් ඉහළ ජල වාෂ්ප ප්‍රමාණයක් පවතින බවටත් එමෙන්ම ස0ඝනන පියමන් රේඛා නිර්මාණය වීමෙන් පසු මැකී නොගියද පැතුරුණු ස්වභාවයක් ගන්නේ නම් වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය ඉතා ඉහළ බවටත් අනුමාන කළ හැකියි.ඉහත තත්වයන්ට අනුව රේඛා නිර්මාණයෙන් පසු නොමැකී එලෙසම පවතින හෝ නොමැකී පැතිරුන ස්වභාවයක් ගන්නේ නම් වර්ෂාව ඇති වීමේ හැකියාවක් පවතින බවට අනාවැකි කියන්න පුළුවන්.
වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය ඉතා ඉහළ දිනයන්හිදී පමණක් ඔබට මෙම ස0ඝණන පියමන් රේඛා දක්නට පුළුවන්. පැහැදිලි අහසක් තිබෙන දවස් වලදී ඔබට ඉතා පැහැදිලිව මෙම රේඛා නිරීක්ෂණය කරන්න පුළුවන්.වායු ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් -26.5 ට වඩා පහළ අගය
වඩා පහළ අගයක් ගත් විට පියමන් රේඛා නිර්මාණය වීමේ හැකියාවන් පවතින බව විද්‍යාඥයන් සොයා ගෙන තිබෙනවා.එමෙන්ම අඩි 26000 ක සීමාව පසු කළ පසු මෙම උෂ්ණත්ව සීමාව ඉහළ අහස් වායු ගෝලයේදී හමුවන නිසා බොහෝ අවස්ථා වලදී එම සීමවෙන් ඔබ්බට පියමන් රේඛා නිර්මාණය වනවා. කෙසේ නමුත් වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය ඉහළ ගියහොත් එම උස සීමාවට පහළදී වුවත් පියමන් රේඛා නිර්මාණය වීමේ හැකියාව පවතිනවා.

පියමන් රේඛා නිර්මාණය කරන විශේෂ ගුවන් යානා නැත. ඒවා නිර්මාණය සදහා ගුවන් යාන මාදිළිය බලපාන්නේ නැහැ.
අතීතයේදී යුධ කටයුතු සදහා භාවිතා කළ ගුවන් යානා සිය පියා සැරියන් ආරම්භ කිරීමට පෙර මෙම පියමන් රේඛා නිර්මාණය වන උච්චය පිළිබදවත් වැඩි සැලකිල්ලක් යොමු කළා කීවොත් ඔබ පුදුමයට පත් වේවී.එයට හේතුව තමයි , සතුරාට යානාව දර්ශනය නොවී මග හැර සිය මෙහෙයුම් කල හැකි නියමිත උස සොයා ගැනීම තමයි ඔවුන් මෙමගින් සිදු කළ ඇත්තේ.

No comments:

Post a Comment