Sunday, October 27, 2019


මුතු අහුලන හලාවත වැලි කදු(ස්වාභාවික වැලි කදූ)


සුදෝ සුදු වන් රේන්දයකට අගය එක් කරන්නට සමත්, නීල වර්ණ සමුදුරු පීත්ත පටිය තැන් තැන්හි සුදෝ සුදු සේද සළුවක් මෙනි.රත් පැහැ මුහුදු තලය දිලෙන විඩාබර එහෙත් තේජවන්ත හිරු දෑස නිලන්කාර කරවයි. හරිත වර්ණ රුක් ගොමු තැනින් තැන සෙවණැලි රටා මවයි. නොගැඹුරු මහද්වීපික තටාකය, ලක් මවට සිසිල සලසමින් පෝෂණය කරන්නීය.
0කාවේ වයඹ ඩිග වෙරළ තීරය සුන්දරය, නිසන්සලය. නොගැඹුරුය.මේ වෙරළ තීරය අනාදිමත් කාලයක් තිස්සේ නොයෙකුත් ජාතීන්ට වෙරළ තීරයක් බවට පත්ව ඇත්තේ එහි ඇති ස්වාභාවිකව පිහිටන වරාය ලක්ෂණ හේතුවෙනි. ල0කාව වටා මුහුදුබඩ තැන්නේ අපට දක්නට ලැබෙන වෙරරළ තීරයකි.එහෙත් වැලිපර, වැලි වැටි හා වැලි කදු සමන්විත වෙරළ තීරයකට හිමිකම් කියන්නේ වයඹ දිග වෙරළ වීම සුවිශේෂ ලක්ෂණයකි.
ශ්‍රී ලන්කාවේ සිවාභාවිකව නිර්මිත වැලි පර දක්නට ලැබෙන්නේහලාවත උඩප්පුව, කල්පිටිය හා පුත්තලම ආශ්‍රිතවය.


භූ විද්‍යාත්මකව සලකා බලන විට වැලිපර නිර්මාණය වන්නේ ගොඩබිමට සමාන්තරව පටුව හා දිගැටි හැඩයෙන් වැලි නිදිගත වීමෙනි.
හලාවත වෙරළ තීරය මෙසේ ස්වාභාවිකව නිමාණය වූ මීටර් 30-40 උසින් යුක්ත වෙරළ වැලි පර දක්නට ලැබේ. මෙවැනි වැලිපර, කොරල් ගල්,බොරළු , 0ගා වැලි මෙන්ම ඇතැම් විට ජීව අජීව ශාක හා සත්ව කොටස් වලින්ද නිර්මාණය විය හැකි වෙයි.
ඉවුරක් ලෙසින් නිර්මිත මෙම වැලි පර ස්වාභාවික ආරක්ෂක  නිධි ලෙසින් වෙරළට ආරක්ෂාව ලබා දෙන අතරම සොභා සුන්දරත්වයට අමිල තිලිණයකි.
හලාවත උඩුප්පුව, අඹකදවිල ප්‍රදේශයේ දැකිය හැකි මෙම වැලි වැටි මීටර් 400ක් පමණ පළලකින් යුතුව කි.මී. 5 ක් පමණ වෙරළ පුරා පැතිර පවති. මෙම වැලි වැටි භූ විද්‍යාත්මකව මෙන්ම ජාතික වැදගත් කමක් උසුලයි.ඉහළ ආර්ථික වටිනකමක් යුතු මුතු බෙල්ලන්ගේ වාස භූමිවලින් පිරී ගිය වයඹ දිග වෙරළ ඇවිද ගිය රොබට් නොක්ස් මහතාටද මුතු බෙල්ලන්ගේ කටු වලින් නිර්මාණය වු සුදුවන්  වැලි කන්දක් ඇස ගැටුණු බවට සදහන්ය. කඩොලාන පරිසර පද්දතියටත්, වෙරළ බඩ ලවණ තෙත් බිම් හා වගුරු බිම් වලටත් නෑ කම් කියන මෙම ප්‍රදේශ මුහුද හා එක්වන ග0ගා කිහිපයකි.
කෙසේ වෙතත් වයඹ වේරළ තීරය, සොදුරු බවින් අගතැන්පත් කිරීමට ධීවර ප්‍රජාවට අවැසි මත්ස්‍ය සම්පතදෙන්නටත් ධීවර බිම් රැක ගන්නටත් නිරිත දිග මෝසමෙන් ඇති වන මුහුදු රළ මගින් සිදු වන ඛාදනය අවම කිරීමටත් මෙම වැලි වැටි මහෝපකාරී වේ.

1 comment: