ජාන විකෘතියක ඵලය....කුරු අලි (Pigmy Elephants)/Kuru ali
අලි ඇතුන්
දැවැන්තයෝය. බුද්දිවන්තයෝය. බර උසුලන්නට සමර්තයෝය. ගනකම් චර්මයකින් ශරීර ආවරණය
කාග්න්නා වූද, ශක්තිමත් පේෂි
පාද වූද, ශක්තිමත් දිගු
දළ යුගලයද, ඔවුනට
ආභරණයකි.අලියා, ඇතා අප
දකින්නේ උස මහතැති සතුන් අතර සිටින යෝදයෙකු ලෙසටය. එහෙත් මේ සටහන ලිය වෙන්නේ කුරු
අලියා ගැනය.අපි මිනිස් ලෝකයේද කුරු මිනිසුන් දකින්නෙමු.සත්ව ලෝකයේ ද එකී
විවිධත්වයන් දක්නට ඇත.ගොඩබිම වෙසෙන විශාලතම සත්වයන් අතරින්ද කුරු අලි ලෝකයේ විව්ධ
රටවල්හි වාර්තා වී ඇත. කුරු අලි ජාන විකෘතිතාවයක තවත් එක් ප්‍රතිඵ්ලයකි.ඒ සදහා එකල
සිටම විවිධ පරසරික ස0සිද්දීන් මෙයට
හේතුපාදක වන්නට ඇත.
ප්ලයිස්ටොසීන යුගයෙන්, ඉනික්බිති සිදු වන පාරසරික සිදු වීම්,
අලි ඇතුන්ගේ අලුත්
වාසභූමි ඔවුන් කෙරෙහි විශාල බල පෑමකට හේතුපාදක විණි.වෙනත් විශේෂ හා සම්මිශ්‍රණය
වීමේ ප්‍රථිඵලය වූයේකුරු අලි බිහි වීමයි.
මොවුන් ශරීර ප්‍රමාණයෙන්ද කුඩාය. හිස් කබල දත් හා විශේෂයෙන්ම පාද වල සැකැස්ම
අනෙකුත් අලි ඇතුන්ට සාපේක්ෂව වෙනස් විණි. පාද ශරීරයේ මැදට වන්නට පිහිටියේය. දත් ස0ඛ්‍යාව අඩුය. කන්
විශාලය.වගය පොළවේ ගෑවෙන නොගෑවෙන තරම්ය.කුරු අලියෙකුගේ ශරීරයෙ දිග මීටර් 2ක් පමණ වේ. දැනට හමුව ඇති
කුරු අලියෙකුගේ සැකිල්ලක් චිලී රටේ ප්‍රදර්ශනය කෙරේ.කුරු අලින් පිළිබදව සැලකීමේදී
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ආශ්‍රිතව 1970 පමණ සිටි බව වාර්ථා වේ. කුරු අලින් පිළිබදව
පොසිල මධ්‍යධරණී විවිධා දූපත් ආශ්‍රිතවද, සිසිලි හා මෝල්ටා රටවලින්ද හමුව
තිබෙනවා.වර්තමානයේ ඔවුන්ගේ ව්‍යාප්තිය පිළිබදව සටහන් හමු නොවේ. එසේ වුවද මිටි අලි
ඇතැම් රටවල්හි ජාතික සත්වෝද්‍යාන වල උපත ලබති. ආහාර ගැනීම පිළිබදව සැලකිලිමත්
වන්නේද අල්ප වශයෙනි.එහෙත් මිටි අලි උපත් අපෙ රටෙ ජාතික සත්වෝද්‍යාන වල හෝ
ස්වාභාවික පරිසරයේදී වාර්තා නොවන ආකාරයක් පෙනේ.
No comments:
Post a Comment