Saturday, October 19, 2019


පිළිකා මරණ වලින් 4% ක් මද්‍යසාර නිසා සිදු වෙයි.



සමස්ථ පිළිකා  මරණ වලින් 4%ක් හේතු වී ඇත්තේ මද්‍යසාර බව නවතම පර්යේෂන වළින් හෙළි වී ඇත.මේ ත්ත්වය වැළැක්විය හැකිමිත් වෛද්‍යවරුන් ඒ බව අවධාරණය කිරීම ප්‍රමාණවත් නොමැති නිසා එය මහජනයා අතර ප්‍රචලිත වී නැති බවද අධ්‍යන වාර්තාවන් පෙන්වා දෙයි.මේ පර්යේෂන ප්‍රතිඵල වලට අනුව කාන්තාවන්ගේ පියයුරු පිළිකා වලට මද්‍යසර හේතු වන බව පෙනී ගොස් ඇත. මත් පැන් පානය කරන පිරිමින් අතරින් සිදුවන පිළිකා මරණ අතර ප්‍රධාන වශයෙන් දක්නට ඇත්තේ මුඛ පිළිකා, උගුරේ පිළිකා සහ ගළනාල පිළිකා බවද මේ මගින් හෙලිවී තිබේ.මත්පැන් පානය කරන ප්‍රමාණය අඩු කර ගැනීමෙන් මෙම පිළිකා ඇති වීමේ අවධානම අඩු කර ගත හැකිබවද පර්යේෂන ප්‍රතිඵ්ල  පෙන්වා දෙයි. උගුරේ සහ අක්මාවේ පිළිකා ආසාදන ඇති වීමට මද්‍යසාර හේතු වී ඇති බව පෙර සිදු කළ පරීක්ෂණ අනුඅව් ඔප්පු වී ඇත. බඩ වැලේ අගකොටස සහ ගුද මාර්ගයේ පිළිකා ඇතිවීමට මද්‍යසාර හේතුවන බව නවතම පර්යේෂන පෙන්වා දෙයි.

No comments:

Post a Comment