ජාන චිකිත්සාව..... /jaana chikithsaawa
ජීවින්ට සෑදෙන
රෝග වර්ග දෙකකි. ඒවා නම් ප්‍රවේණික හා ප්‍රවේණික නොවන වශයෙනි. ප්‍රවේණි රෝග වලට
හේතු වන්නේ යම්කිසි ජානයක ඇති අක්‍රමිකතාවයකි. හිමොෆිලියාව,ලියුකේමියාව, පිළිකාව හා ගැටිති
මෙවැනි රෝග වලට උදාහරණ වේ.විශේෂයෙන්ම මිනිසගේ රෝග සුව කිරීම සදහා ජාන චිකිත්සාව
හදුන්වා දුනි. මෑතකදි ඇමෙරිකා එක්සත් ජනපදයේදී මෙවන් රෝගියෙකු සුවපත් කෙරුණු
අතරෑහිදී රෝගියා ශ්‍රී ලා0කික ප්‍රභවයක්
ඇති දැරියකි ක්‍රමෝපායන් අනුව ජාන චිකිත්සාව වර්ග දෙකකි. සෛලයෙන් පිටත හා සෛලය තුළ
වශයෙනි.
01.සෛලයෙන් පිටත ජාන චිකිත්සාව
අක්‍රමිකතාව
සහිත සෛලය හෝ පටකය වෙන් කරගෙන ජාන තාක්ෂණය ආධාරයෙන් එම සෛල තුළ ඇති ජානමය වරද
නිවැරිදි කෙරේ.
02.සෛල තුළ ජාන චිකිත්සාව
වාහකයෙකු
ආධාරයෙන් අදාල ජානය කෙලින්ම දේහයට විදිනු ලැබේ.ඉන්පසු ජානය ජිනෝමය තුළට ඇතුළු වී
රෝගය සුව වෙතැයි අපේක්ෂා කෙරේ.මෙය වඩා ලෙහෙසි වන අතර බොහෝ විට වාහක ලෙස වෛරස යොදා
ගැනේ. නමුත් ජාන බද්දය 100% ක් සිදුවේද
යන්න සැක සහිතය.
මෑතකදි එළි
දැක්වුණු ජාන චිකිත්සා ක්‍රමයක් වන්නේ අදාල වැරදි ජාන්යේ අණුව වෙනස් කරගෙන එයින්
පිටපත්කරණය අනුව ජානයේ පිටපතක් සාදාගෙන එය සෛලයට බද්ද කිරීමය. ඉන් පසු ප්‍රතිජානය
මගින් අණුව හා බැදෙන බැවින් ප්‍රෝටීනය ස0ස්ලේෂණය අවහිර වී රෝගය යටපත් වේ. මෙය ප්‍රති
නිශේධන චිකිත්සාව නම් වේ.
මේ අතර කළල අවස්ථාවේදී ඇති ප්‍රවේණික දුබලතා
හදුනාගෙන නිවරැදි කළ නොහැකිනම් ගබ්සා කිරීම, නැතහොත් ඉහත ක්‍රම වලින් නිවැරිදි කිරීම පවා
දැන් ලෝකයේ සිදු කෙරේ. ඒ අනුව ජාන චිකිත්සාව වෛද්‍ය විද්‍යාවේ වැදගත් අ0ගයක් බවට පත් වී ඇතැයි
නිගමනය කළ හැකිය.
good
ReplyDelete