Monday, October 21, 2019


ජෛව අවි භාවිතය හෙවත් ජෛව ත්‍රස්තවාදය 

(බයෝ ටෙරරිසම්)  jaiwa awi


 මෑතක් වන තෙක් යුද්ද කටයුතු වලදී ලොව පුරා භාවිතා කරනු ලැබුයේ යාන්ත්‍රික අවි රසායනික අවි හෝ න්‍යෂ්ටික අවිය. නමුත් 2002 දී ඇමරිකාව මුහුණ දුන් ඇන්ත්‍රැක්ස් තර්ජනය සමගින් ජෛව අවි ලෙස තවත් විනාශකාරි මෙවලමක් නපුරු මිනිසුන් අතට පත් වී ඇත. අනාගතයේදී ත්‍රස්තවාදී කටයුතු සදහා මෙය යොදා ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථාව නිසා ලොව පුරා මිනිසාගේ ආරක්ෂාවට එය මහත් තර්ජනයක් ලෙස සැලකේ.ඒවා මගින් මිනිසා පමණක් විනාශ වන අතර භෞතික පරිසරයට බලපෑමක් ඇති නොකරයි. 


බැක්ටීරියා වෛරස් සහ වෙනත් රෝග ඇති කළහැකි ක්ෂුද්‍ර ජීවින් බාහිර පරිසරයේදී නොනැසී පවතින ලෙස රෝපණ මාධ්‍යගතකර සූක්ෂමව මනුෂ්‍යයින් වෙත ළගා වීමට සැලැස්වීමෙන් මෙම ආක්‍රමණය සිදු කෙරේ. ඇන්ත්‍රැක්ස් රෝගය බෝ කරනුයේ බැක්ටීරියාවක් මගිනි. ශ්වසන පද්දතියට ඇතුළු වීම මගින් , ස්පර්ෂ කිරීම ආදිය මගින් ආසාධනය වීම සිදු වේ. වියළි කිඩක් ලෙස මෙම බැක්ටීරියාව ඉතා ස්ථායිව ජීවි තත්වය ආරක්ෂාකොට තබා ගතහැකිය. මෙම තත්වය වැළක්වීමට ජාන ඉන්ජිනේරු විද්‍යාවෙන් ප්‍රතිශක්තිකරණ ඖෂධ නිපදවිය හැකිය. (විෂ රහිත බැක්ටීරියාවෙන් නිපදවා ඔවුන්ගේ සෛලීය ප්‍රොටීන් එන්නත් ලෙස යොදා ගැනේ.). මෙය ජෛව ත්‍රස්ථවාදය සදහා ජාන ඉන්ජිනේරු විද්‍යාවේ දැනට වාර්තා වී ඇති අනිසි භාවිතයකි.

No comments:

Post a Comment