ජාන තාක්ෂණ්යෙන් සැකසූ ආහාර සෙඛ්‍යාරක්ෂිතද..?
ජාන
තාක්ෂණයෙන් සැකසූ ආහාර අද වන විට ලොව පුරා මහද්වීප හයෙත්, රටවල් 50කට වැඩි ගණනකත්,
ක්ෂ්ත්‍ර ආදර්ශ
ලෙසට්ඝ්, වාණිජ ව්‍යාපාරික
මට්ටමිනුත් වගා කෙරේ. ප්‍රධානම වශයෙන් වල් නාශක හා කෘමිනාශක ප්‍රතිරෝධී සෝයා
බෝන්චි, ඉරිගු හා
කැනෝලා අදියත්, වානිජව හා
ක්ෂේත්‍ර ආදර්ශන සදහා භාවිතා කෙරෙන, එමෙන්ම අෆ්‍රිකානු බෝග අතරින් වැඩිම වයිරස් ආසාදනයන්ට
ගොදුරු වන බතල ජානමය වශයෙන් වෙනස් කරමින් උසස් තත්වයට ගෙන ඒමත්, ආසියානු තීව්‍ර මන්ද
පෝෂණයට තුඩු දෙන යකඩ හා විටමින් ඌනතාව මග හැරවීමට පෝෂණීය සහල් නිපදවීම සහ කාළගුණික
වශයෙන් පුළුල් පරාසයක වෙනස්කම් වලට ඔරොත්තු දෙන යකඩ හා විටමින් ඌන තාව මගහැරවීමට
පෝෂණීය සහල් නිපදවීම සහ කාළගුණික වශයෙන් පුළුල් පරාසයක වෙනස්කම් වලට ඔරොත්තු දෙන
බෝග ශාක රැසක් නිපදවීමත් සැලකීමට පුළුවන. කොතරම් මතබේදයනට ලක් වුවද මෙම නව බෝග සහ
සතුන්ගේ ද්‍රව්‍යයන් නව ආහාර රැසැක්ම නිෂ්පාදනයට දායක වී ඇති බව කිව හැකිය.
ලෝක සෙඛ්‍ය ස0විධානයේ ඇස්තමේන්තු
අනුව ලෝක ජනගහණය 2050 දී දෙගුණ වේ.
එය බිලියන නවයද ඉක්මවනු ඇත. මෙම ජනගහනයට සරිලන පරිදි ආහාර ප්‍රමාණයද වැඩි විය
යුතුය. නමුත් ලොව ඇත්තේ වගා කළ හැකි සීමා සහිත බිම් ප්‍රමාණයකි. එම ඉලක්කය සපුරා
ගැනීමට මෙම ජාන තාක්ෂණය බෙහෙවින් ඉවහල් වන බව ජෛවතාක්ෂණික විද්‍යාඥයින්ගේ අදහසයි.
තවද මෙම ජාන
තාක්ෂණය මගින්,
පෝෂණ ගුණය
වැඩි කරන ලද ඵල සහිත බෝග වර්ග.
නැවුම් බවින්
පරිපූර්ණ එළවළු හා පලතුරු
නිපදවා ගත
හැකි වීම තවත් වාසියකි.
එනමුත් මෙම
වාසි වගේමෑම බෝග වලින් සතුන්ට හා මිනිසුන්ට ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලද
සැලකිල්ලට ගත යුතුව ඇත.මෙම ජාන තාක්ෂණික ආහාර දැනුදු මහජනතාව පරිභෝජනය කළද ඒවා
සදහා වූ පූර්ණ විද්‍යාත්මක පරීක්ෂණ ඉතා දුර්වල මට්ටමක පැවතීම පුදුමයට කරුණකි. එම
ආහාර වල පවතින විෂ සහිත රසායනික ද්‍රව්‍ය සොයා බැලීමට නව පර්යේෂණ සිදු කළ යුතුව
ඇත.
ඇමරිකාවේ ආහාර
හා ඖෂධ පරිපාලන අධිකාරිය මෙම ජාන තාක්ෂණික ආහාර වල තිබෙන සෞඛ්‍යාරක්ෂිත බව සොයා
බැලීමට කළයුතු පරීක්ෂණ ගැන කිසිම තොරතුරක් එම අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කරන ලද
වාර්තාවල සදහන් නොවන බව සමහර විද්‍යාඥයින් පෙන්වා දී තිබේ.
අ. ජාන
තාක්ෂණික තක්කාලි:
ජාන තාක්ෂණය
මගින් පළමුව නිපදවන එළවළු විශේෂය තක්කාලිය. ජාන තාක්ෂණික තක්කාලි හා සාමන්‍ය
තක්කාලි වල ස0යුතිය සැලකූ
විට ඒවා ස0යුතියෙන්
වෙනස් බව 2001 දී පුස්ටායි
විද්‍යාඥවරයා විසින් පෙන්වා දෙන ලදී. ජාන තාක්ෂණික තක්කාලි මීයන්ගේ ආහාර මාර්ග ගත
කළවිට සති දෙකක් තුළදී මීයන් හතලිහකින් හත් දෙනෙකු මියගිය බව ඔහු සදහන් කරයි. එම
නිසා එම තක්කාලි වල යම් රසායන ද්‍රව්‍යක් මීයන් හට විෂවන්නට ඇතැයි සැලකිය හැකිය.
ආ. ජාන
තාක්ෂණික බඩ ඉරිගු:
ජාන
තාක්ෂණයෙන් නිපද වූ බඩඉරිගු හා සාමන්‍ය බව ඉරිගු ස0යුතියෙන් සමාන වුවද ජාන තාක්ෂණික බඩඉරිගු
පී.ඒ.ටී නම් වූ විශේෂිත ප්‍රොටීනයක් දරන බවද ඒවා සෞඛ්‍යට අහිතකර බවද සොයාගෙන ඇත.
එම නිසා ස0යුතිය සමාන
වීම ඒවායේ ආරක්ෂිත බව පිළිබද පැහැදිලි නිගමනයකට එළඹීමේදී ප්‍රමාණවත් නොවන බව
පැහැදිළි වේ.
ඇ. වල්නාශක ප්‍රතිරෝධී සෝයා :
මෙම සෝයා වලින් සැකසූ ආහාර කිරි එළදෙනුන්ගේ ආහාර මාර්ග ගත කළවිට ඔවුන්ගේ
කිරි නිෂ්පාදනය සැලකිය යුතු ලෙස අඩු වූ බව විද්‍යඥයින් සොයාගෙන තිබේ
ඈ. ජාන
තාක්ෂණික අර්තාපල්:
මෙම අර්තාපල්
වල එස්. ජී.ජී නම් ජානයක් අන්තර්ගතවන බව සොයා ගන්නා ලදී. නමුත් මෙම ජාන තාක්ෂණික
අර්තාපල් මීයන්ගේ ආහාර මාර්ග ගතකළ විට ඔවුන්ගේ වර්ධනයේ හා රුධිර සෙල ස0යුතියේ වෙනසක් නොවූ බව
සොයාගෙන තිබේ.
ආසාත්මිකතාවය
ජාන තක්ෂණයෙන්
සකසන ලද ආහාර බොහෝවක් පරිභෝජනය කළවිට දක්නට ලැබෙන ලක්ෂණයකි, අසාත්මිකබව. නව
තාක්ෂණය විසින් භාවිතා කරන ජාන බොහෝවක් මීට පෙර ආහාර සදහා භාවිතා නොකරන ලද ඒවා වීම
නිසා එම ආහාර පරිභෝජනය කිරීමෙන් පමණක් ආසාත්මික බව ඇතිද නැතිද යන්න තීරණය වීම
අවාසියකි.
ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව සම්ප්‍රෙෂණය වීම
සෙලයක න්‍යෂ්ටියේ
පවතින ඩී.එන්.ඒ. වලට නව ජාන ඇතුලත් කිරීමෙදී යොදා ගන්නා පරිවාහක ඩී.එන්. ඒ. කොටසට
මෙම ප්‍රතිජීවක ප්‍රතිරෝධී ජාන ඇතුළත් කිරීම ජාන තාක්ෂණයේදී යොදා ගන්නා උපක්‍රමයකි.
එමගින් අවශ්‍ය ලක්ෂණය සෙලය තුලට බද්ද වූවාද යන්න නිසැකවම දැන ගතහැකිය.මන්දයත් එම
සෙලය ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධීනම්, අවශ්‍ය ලක්ෂණයද එම සෙලය සතුව ඇතැයි වැඩි සම්භාවිතාවකින්
අනුමාන කළ හැකි වීමයි. එසේ ක්ෂුද්‍ර ජීවීන් ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධී වන විට ප්‍රතිජීවක
භාවිතයෙන් රෝග සුව කිරීම නිෂ්ඵල කාර්‍ය්ක් වනු ඇත. නමුත් මෙම සන්කල්පය තවම
නියමාකාරයෙන් ඔප්පු කර නැත.
පිළිකා ඇතිවීමට ඇති ඉඩකඩ:
කිරි
එළදෙනුන්ගෙන් වැඩිපුර කිරි ලබා ගැනීමට ජාන තාක්ෂණය මගින් නිපදවන ලද ආර්-බී.ජී.එච්.
නම් හොර්මෝනය සමහර රටවල දැනුදු භාවිත කරමින් සිටී. මේ මගින් 400%-500% දක්වා වැඩිපුර කිරි
ලබා ගත හැකිය. නමුත් මෙම කිරි හා කිරි යොදා ගනිමින් නිපද වූ ආහාරවල පිළිකාකාරක ද්‍රව්‍යයක්
වන අයි.ජී.එෆ්. පැවතීම නිසා මිනිසාගේ පියයුරු පිළිකා හා ආන්ත්‍රික පිළිකා ඇතිවිය
හැකි බව විද්‍ය්ඥයින් විසින් සොයාගෙන තිබේ. කැනඩාවේ සහ යුරෝපයේ බොහොමයක් රටවල මෙම
හොර්මෝනය දැනටමත් භාවිතා කිරීම තහනම් කරතිබේ. ජාන තාක්ෂණයෙන් නිපදවූ ආහාරවල
ආරක්ෂාකරී බව සොයා බැලීමට තිබෙන පරීක්ෂණ ඉතා අල්ප බව ඒ ගැන සොයා බැලීමේදී පෙනීයයි.
බොහෝමයක් ආහාර
නිපදවන්නේ ශාක මගින්ය. එම නිපදවන ආහාර වල ස0යුතිය ඉතාම ස්0කීර්ණය. ඒ වගේම එම ස0යුතිය එහි වාසය හා වගා
කරන තත්වය මත වෙනස් වේ.එම නිසා යම්කිසි රසායන ද්‍රව්‍යක් පරීක්ෂා කරනවාට වඩා මෙම
ආහාර පරීක්ෂා කිරීම ඉතා දුෂ්කර වී තිබේ. මෙම ස0යුතිය පරීක්ෂා කිරීම කිරීම තුළින් ජාන
තාක්ෂණික ආහාර වල ආරක්ෂිත බව පිළිබදව අදහසක් ලබාගත හැකිය.
"සන්යුතිය සමාන
වීම" එම ආහාරවල ආරක්ෂිත බව තහවුරු කිරීමක් ලෙස සමහර විද්‍යඥයෝ පිළිගනිති.
නමුත් මෙම
සන්කල්පය විද්‍යානුකූල නොවන හා නීති රීති නොමැති සන්කල්පයක් බව විද්‍යඥයෝ පවසති.
(pusztai, 2001)
No comments:
Post a Comment