ශ්‍රී ල0කාවේ ජෛව විවිධත්වය වනසන යෝධ නිදිකුම්බා.... ( Mimosa pigra )
yooda nidikumba
ශ්‍රී ලන්කාවේ
ජෛව විවිධත්වයට දැඩි තර්ජනයක්ව ඇති ආගන්තුක ආක්රමණකාරි ශාක අතරින් යෝධ නිදිකුම්බා
වලට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. ශ්‍රී ල0කාවේ විශේෂයෙන්ම මහවැලි කලාපය ආශ්‍රිතව කෘෂි
කාර්මික බිම් ආක්‍රමණය කරමින් වේගයෙන් පැතිර යන මෙම ශාකයMimosa pigra ලෙස උද්භිත විද්‍යා
නාමයෙන් හැදින්වෙන අතර දේශීයව "යෝධ
නිදිකුම්බා" " බළල් නිය නිදිකුම්බා" ලෙසින් හැදින්වේ.
රනිල කුලයට
හා නිදිකුම්බා උප කුලයට අයත් වූ මෙම නිදිකුම්බා ශාක විශේෂය ප්‍රමාණයෙන් විශාලව
වැඩෙන ගස් වේ. මධ්‍යම ඇමෙරිකාව මුල් බිම් කරගත් මෙම ශාකය දැනට ඕස්ට්‍රෙලියාව,
තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, ශ්‍රීල0කාව හා අෆ්රිකාව
ඇතුළු රටවල් ගනණාවකට ව්‍යාප්ත වෙමින් එම රටවල්හි වටිනා පරිසර පද්දති ගණනාවක්ම
වනසමින් බලවත් පාරසරික ගැටළුවක් බවට පත්ව ඇත. යෝධ නිදිකුම්බා මුල් වරට ශ්‍රීල0කාවෙන් සොයා ගනු
ලැබුවේ 1995 දීය. මහනුවර
තැන්න කුඹුර ප්‍රදේශයේදීය. මහවැලි නිළධාරින් පවසන පරිදි මෙම ශාකය අද වනවිට
හෙක්ටයාර 2500 කට වඩා වැඩි
ප්‍රදේශයක් තුළ පැතිරෙමින් මහනුවර, වත්තේගම, මාතලේ, කටුගස්තොට වැනි ප්‍රදේශ ගනණාවකම විශේෂයෙන්ම මහවැලි ගග
ඉවුරු දෙපස හා වික්ටෝරියා , බෝවතැන්න,
කොත්මලේ වැනි මහවැලි
ජලාශද ආක්‍රමණයකොට ඇත.මෑතකදී මෙම ශාකය මාතර ප්‍රදේශයෙන්ද පැතිරෙන ලකුණු පුවත්පත්
මගින් වාර්ථා වෙමෙන්, එය ල0කාව පුරා දරුණු
උවඩුරක් වන ලකුණු පෙන්වයි. මෙම ශාකය මෙරටට පැමිණි ආකාරය පිළිබදව පිළිගත් සක්ෂි නොමැති
අතර මහවැලි ඉදි කිරීම් සදහා ඕස්ට්‍රලියාවෙන් මෙරටට ගෙනා යන්ත්‍රොපකරණ සමග පැමිණි
බීජ මගින් මෙරටට පැමිණියේයැයි විශ්වාස කෙරේ.
ඕස්ට්‍රලියාව වැනි රටවල අක්කර දහස්
ගණන් ව්‍යාප්තව ඇතිමෙම ශාකය විනාශ කිරීමට අති විශාල මුදල් ප්‍රමාණය්ක් වියද්ම් කර
ඇත.ශ්‍රීලන්කාව වැනිදියුණු වෙමින් පවතින රටකට එවැනි රටකට එවැනි අවස්ථාවකට මුහුණ
පෑම ඉතා අසීරු වේ.එමෙන්ම ශ්‍රී ල0කාවේ මෙම ශාකය වැඩිපුරම ව්‍යාප්ත වී ඇත්තේමහවැලි කලාපයේ
කෘෂිකාර්මික බිම්වල බැවින් එමගින් ඇති කරනු ලබන ආර්ථික බලපෑම සුළුපටු නොවේ.
හොද වැඩක්
ReplyDelete