Sunday, October 27, 2019


අති ස0වේදී අලි - නිල ශාස්ත්‍රය...

/Alinge nila shathraya

මිහිමත දැවැන්තයින් වන අලි ඇතුන්ගේ සිරුරේ වඩාත් විශාල ස0වේදී ඉන්ද්‍රිය වන්නේ සමයි. අලියෙකුගේ සම පුරා අධික ස්නායු ප්‍රමාණයක් දක්නට ලැබෙයි. සමේ ඇතැම් ස්ථානවල අනෙක් ස්ථාන වලට වඩා අධික වශයෙන් සිනායු සෛල ප්‍රමාණයක් එකතු වී තිබේ. එලෙස අධිකව ස්නායු සෛල එකතු වී ඇති ස්ථාන ඉතා ස0වේදී වන අතර එම ස්ථාන නිල වශයෙන් හදුන්වයි.මේ අති ස0වේදී ස්ථාන හෙවත් නිල ස්පර්ෂ කිරීම, තෙරපීම හෝ ඇනීම මගින් අලි ඇතුන්ට විවිධ ක්‍රියාවන් සදහා නිරායාසයෙන්ම පෙළබවීමට හැකියාවක් ඇති බව පාරම්පරික අලි බලන්නන්ගේ අදහසයි. මේ ක්‍රියාවලිය නිල ශාස්ත්‍රය වශයෙන් හදුන්වයි.
නිල ක්‍රමානුකූලව, ඉවසීමෙන් නිවරදිව හදාරා ඇති අයෙකුට එම ශාත්‍රය පිළිබදව පූර්ණ අවබෝධයක් ලද හැකිය. අලි ඇතුන්ට ශාරිරිකව හානියක් නොකර අදාළ නිලය තෙරපීම, ස්පර්ෂය කිරීම හෝ ඇනීමක් සුදු කිරීමෙන් තමන් අපේක්ෂා කරන කාර්යය අලි ඇතුන් ලවා ඉටු කරවා ගත හැකිය. අප රටෙ වසර දහස් ගණනක් තිස්සේ පරම්පරිකව පැවත එන, අලි ඇතුන් සමග සම්බන්ධ වී ඔවුන් රැකබලා  ගැනීමේ ශාස්ත්‍රය පිළිබදව හැදෑරූ අපගේ පැරණි විද්වතුන් විසින් ශ්‍රී ලා0කික අලියාගේ සිරුරේ නිල 86 ක් හදුනාගෙන ඇත.



01.සොඩය අකුලා ගැනීම
02.සොඩය දිගහැරීම
03.බිය ගැන්වීම
04.බියගන්වා කුන්ච නාද කරවීම
05.බිය ගැන්වීම, කුන්ච නාද කරවීම, හස්තියා නැවැත්වීම
06.පාලනය යටතට ගැනීම
07,10,15,22,28,56,57,64,86. මරණය
11,12. පාලනයට යටත්වේ.
13.ප්‍රබෝධවත් කරවීම.
14.පාලනයට යටත් වේ.
16. දන ගැසීම
17. පසුපසට යෑම
18.ගසකට බදින ලද සත්වයා පාලනය වේ.
19.සත්වයා උරහිස පාත් කරයි.
20. දණ නමයි/ ගෙල පහත් කරයි/ නවතියි
21.පාලනයට යටත් වේ.
23.හිස නවයි.
24. හස්තියා නවතියි
25.කෝප වෙයි.
26. නවතියි
27.පිට මත නැගීමට ඇරයුම් කරයි.
29.නවතයි
30.පාලනයට යටත් වෙයි.
31,32.ගමන් කරයි.
33.හිස පහත් කරයි.
34,35.හිරි වැටෙයි
36,37.හස්තියා ඇවිදීමට මෙන්ම ණ්වැත්වීමට භාවිතා කළ හැකිය.
38.පිට මත නැගීමට ඉඩ සලස්වයි.
39,41.බියට පත් වෙයි.
42,46.ඇවිදියි
47. නවතියි
48. නවතියි හෝ ගමන් කරයි.
49.පිටමත නැගීමට (ආසනයට )ඉඩ දෙයි.
50.සන්සුන්ව නවතියි
51,52.නැගිට දුවයි
53,55.වටේට කැරකවෙයි.
58.බිම වැතිරෙයි.
59.වටේ කැරකවේ.
60,61.කෝපයට පත් වේ.
62.වටේ කැරකවේ.
63. කෝපයට පත්වේ.
65,68.සත්වයා නවතියි.
69,71.දණ ගසයි
72,73,74.මින් නිල දෙකක් ස්පර්ෂ කරවිට සත්වයා ගමන් කරයි.එක නිලයක් ඇල්ලූ විටනවතියි.
75.ඇත්ගොව්වාට නැගීමට සිය පෙර පාදය දෙයි.
76.පෙර පාදය දිගු කරයි.
77,78.ඇත් ගොව්වා නැගීමට සිය පෙර පාදය දෙයි.
79.කොර ගසයි.පසු පාදය පෙරට ගෙනෙයි.
80,81.පසු පාදය දෙයි. නවතයි.
82.පසු පාදය පසු පසට අදියි.
83,84.පෙර පාදයන් ඔසවයි.
85. පාදය ඔසවයි.මැදගිල්ලේ නිය මත පාතබන  ඇත්ගොව්වාට පෙර පාදය මත සිට ගැනීමට ඉඩ දෙයි.

No comments:

Post a Comment