Saturday, October 19, 2019


උතුරු පළාතේ වැව්....

ඉරණමඩු වැව

රණමඩු වැව පිහිටා ඇත්තේ කිළිනොච්චි දිස්ත්‍රික්කයේ දකුනු සීමාව හා මුලතිව් දිස්ත්‍රික්කයේ උතුරු සීමාව යන දෙකටම අයත් වන ලෙසටය. මුලතිව් දිස්ත්‍රික්කයෙන් ආරම්භව කිලිනොච්චිය හරහා ගලා ගොස්, යාපනය කළපුවට වැටෙන කනකරායන් ආරු නම් ගග හරහා වේල්ලක් බැදීමෙන් මෙම වැව ඉදිකර ඇත. මේම වැව කවර රජෙකු විසින් ඉදිකරන ලද්දක්ද යන්න පිළිබදව පැහැදිලි නිගමනයකට මේවන තුරුද එළඹී නැත.නමුත් මේ වැව හා බැදුනු ඇතම් ජනප්‍රවාද වල සදහන් වන්නේ මෙය වසභ රජු විසින් කරවන ලද්දක් බවයි. ඒ කෙසේ වෙතත් උතුරු පළාතේ ඇති වැව් අතරින් විශාලතම වැව වන මෙම ඉරණමඩු වැව ක්‍රි ව 1902 දී බ්‍රිතාන්‍ය පාලනය යටතේ අලුත්වැඩියා කරන ලදී. ක්‍රි.ව. 1866 දී වාරි මාර්ග සම්බන්ධ ඉන්ජිනේරුවරයෙකු වූ හෙන්‍රි පාකර් විසින් ඉරණමඩු ජලාශය ආශ්‍රිත යොජනා ක්‍රමය ඉදිරිපත් කළේය. ඒ අනුව වර්තමානයේ කිලිනොච්චිය යනුවෙන් හදුන්වන ප්‍රදේශය තුළ  මෙම යොජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ලදී. මෙහි පළමු පියවර ලෙස 1902 දී රුපියල් 194,000 ක වියදමෙන් ඉරණ මඩු වැවේ ප්‍රතිසන්ස්කරන වැඩ අරඹන ලදී. එම පියවරේදී වැවේ ගැඹුර අඩි 22ක් වූ අතර, ජල ධාරිතාව අක්කර අඩි 44,000කි. මෙහි දෙවන පියවර සම්පූර්ණ කරන ලද්දේ 1954 දීය. මෙහිදී එහි ගැඹුර අඩි 30 දක්වා වැඩි වූ අතර ධාරිතාව අක්කර අඩි 80,000 ද ඉක්මවිය. මෙහි තුන්වන පියවර සම්පූර්ණ කරන ලද්දේ 1977 දීය. වර්තමානය වන විට මෙම ඉරණමඩු වැව දිග කිලෝමීටර 9 ක් පමණ වන අතර, එහි පළල කිලෝමීටර 2 කි. ගැඹුර අඩි 34 කි.

ආකත්තිමුරිප්පු වැව    

මෙම වැව මන්නාරම් දිස්ත්‍රික්කයේ යෝධ වැවට දකුණින් මල්වතු ඔයේ වම් ඉවුරේ පිහිටා ඇත. ආකත්තිමුරිප්පු යන වචනයේ තේරුම " බිදුණු ගස" වේ. නොගැඹුරු වැවක් වන මෙහි වැව් බැම්මද අනෙක් වැව් වලට සාපේක්ෂව උස් නොවූ එකකි. සැතපුම් 6 ක් දිග ඇළකින් තල් ආරු ඔයටත්, සැතපුම් 20ක් දිග ඇළකින් මල්වතු ඔයේ කොටසකටත් සම්බන්ධ වී ඇත. මුළුමනින්ම වැඩ නිම නොකළ වැවක් ලෙස විද්වතුන් විසින් හදුනාගෙන ඇති මෙම වැව ඉදිකරවන ලද්දේ කා විසින්ද යන්න අවිනිශ්චිතය.


ඉරට්ටපේරිය කුලම්

වන්නි දිස්ත්‍රික්කයේ වව්නියා නගරයට සැත්පුම් 4 ක් දකුනෙන් මෙම පෞරාණික වැව පිහිටා ඇත. මෙම වැව අයත් වන ගම්මානයද හදුන්වන්නේද මෙම වැවේ නමිනි. මෙහි "කුලම්" යනු වැව වේ. මෙසේ ලන්කාවේ බොහෝ වැව් පිහිටා ඇති ගම්වල නම, එම වැවේ නමම වේ. කල ආරු ඔයට එක්වන ඉරට්ටපෙරියකුලම් ඔය හරහා වේල්ලක් බැදීමෙන් මෙය නිර්මාණය කර ඇත.පැරණි සාහිත්ය මූලාශ්‍රයන්හි "අලවිච්චක වාපි " යනුවෙන් හැදින්වෙන මෙම වැව ක්‍රි. පු. දෙවන සියවසේ ඉදිකර ඇති බවට මෙම වැව් බැම්මේ තිබී හමු වූ සෙල්ලිපියක සදහන් වේ.නමුත් මෙම වැව ඉදි කරවන ලද්දේ කා විසින්ද යන්න එහි සදහන් නොවේ.

යෝධ වැව


මෙම යෝධ වැව මන්නාරම - මැදවච්චිය මාර්ගයේ සැතපුම් 5 1/2/ ක් පමණ දුරින් මල්වතු ඔයේ (අරුචි ආරු )දකුණු ඉවුරේ පිහිටා ඇත. අරුචි ආරු මල්වතු ඔයේ පහල කොටසින් ලබා ගන්නා ජලයෙන් පිරවිය හැකි වන සේ ධාතුසේන රජතුමා මේ වැව ඉදිකරවා ඇතැයි පැවසේ. ඕලන්ද ජාතිකයන් විසින් කළ පරීක්ෂනයන්ට අනූව මෙම වැව වැඩ නිම නොකළ වැවකි. මෙම යෝධ වැව කුඩා වැව් 162 කට පමණ ජලය සපයන අතර, යෝධ වැව මගින් අක්කර 11,000 ක් පමණ වගා කෙරේ. යෝධ වැව ගැඹුර අතින් සලකන විට ලන්කාවේ අනෙක් වැව් වලට වඩාඅඩු වුවද, ධාරිතාව අතින් සලකන කළ ලන්කාවේ දෙවන තැනත්, ලෝකයේම තෙවන තැනත් ගන්න බව බ්‍රොහියර් ප්‍රකාශ කරයි. ලෝකයේ පළමු තැන මදුරාසියෙහි වීරනම්හි පිහිටි අක්කර 22,000ක් වූ මදුරාසි ජලාශයටත්, දෙවැනි තැන ලන්කාවේ අක්කර 10,000 ක් වූ පදවිය වැවටත් හිමි වන බව ඔහු වැඩි දුරටත් පවසයි. ශුශ්ක කලාපයට අයත් වන්නිය නමින් හැදින්වෙන උතුරුකරයේ ඇති වාරි කර්මාන්ත පිළිබදව ඉහත තබා ඇති කෙටි සටහන් ප්‍රමාණවත් නොවන බව මාගේ වැටහීමයි.එම නිසාම මෙහිදී උතුරුකරයේ වාරි කර්මාන්ත පිළිබදව බ්‍රොහියර් තබා ඇති සටහන දක්වමි. " හෙළ රජ දවස වර්ග සැතපුම් 200ක් තරම් වූ පෙදෙස එකම සරුසාර කෙත්යායක්ව තිබිණි. කුඹුරු වතුපිටි යනාදියෙන් විශාල අස්වැන්නක් ලද බව බෝග සම්පත්තියෙන් ආඩ්‍ය ප්‍රදේශයක්ව පැවතුණි. මේ පළාතේ තැනින් තැන විසිරී ඇති නොයෙක් තත්වයේ කුඩා වැව් දහස් ගණනක නටඹුන් ඒ බවට මොනවට දෙස් දෙයි"
දාහතර වන ශත වර්ශය දක්වා මේ ප්‍රදේශ්යේ පැවති සෞභාග්‍ය හා සශ්‍රීකත්වය, එයින් පසු එළඹි දකුණු ඉන්දියානු ආක්‍රමණ නිසා විනාශ වූ බවට එතිහාසික මූලාශ්‍රයෝ සාක්ශි දරති. මෙම දකුණු ඉන්දියානු ආක්‍රමණිකයො එදා උතුරේ පිහිටි සින්හල ගම්මාන කොල්ල කමින් ජනතාව දැඩි පීඩනයකට ලක් කළහ. එබැවින් තම ගම් බිම් හැර දමා ආරක්ෂා සහිත ස්ථාන වෙත සන්ක්‍රමනය වීමට සින්හල ගැමියන්ට සිදු විය. ගැමියන් නොමැතිකමින් හිස් වූ උතුරු ප්‍රදේශය පදින්චි වූ ඉන්දියාවෙන් පැමිණි "වන්නියාර්වරු" එම ප්‍රදේශයේ තම අණසක යටතේ තබා ගත්තේය. එනිසා මෙම ප්‍රදේශය "වන්නි" යන නමින් හැදින්විණ.

No comments:

Post a Comment