ආහාර රුචිය වඩවන එනසාල්
Cardamom in (sinhala)
ආහාර
සැකසීමේදී එහි රසය මෙන්ම වර්ණ්යත්, සුවදත් එක සේ වැදගත් වේ.කුළු බඩු මේ සදහා ලබ දෙන්නේ ඉහළ
දායකත්වයකි.ආහාර රුචිකත්වය දනවන්නට ඇතැම් කුළු බඩු සමත්ය.එනසාල් ආහාර පිසීමේදී
ගෘහනියන්ට නැතුවම බැරි රසකාරකයකි. ආහාර උචිකත්වය දනවන්නට තරම් එනසාල් මතින් අපූරු
සුවදක් වහනය වෙයි. එබැවි ඇතැම් ගෘහනියෝ බත පිස ගැනීමේදී එනසාල් ඇට කිහිපයක් එකතු
කර ගැනීමට පුරුදුව සිටිති.
Elettariacardamomum යන උද්භිත නාමය
හදුන්වන එනසාල් හර්ද්රා නම් කුලයට අයත්ය. ඉංග්රීසි බසින් Cardamomumලෙසත් දෙමළ බසින්
ඒලක්කායි ලෙසත් හදුන්වයි. කරදමුංගු එනසාල් සදහා තවත් නමකි. මහ එනසාල් සහ හීන්
එනසාල් ලෙස එනසාල් වර්ග දෙකකි. මෙයින් වඩාත් ගුණදායක වන්නේ හීන් එනසාල්ය. කැස්ස,
ඇදුම, අර්ශස් වැනි රෝග මුත්රා
පිටකිරීමේ අපහසුතා සමනය කරන අතර, වාත නාශක ගුණයෙන්ද යුක්තය. ඌෂ්ණ ගුණයෙන් යුතු එනසාල්
සැපීමේදී දැනෙන්නේ කටුක රසයකි. කුසගින්න වඩවයි. සෙම, පිත, ලේ, දෝෂ මෙන්ම සම කැසීම, වමනය සහ කැස්ස සමනය
කරයි. පිත නසන ගුණයෙන් යුක්ත හෙයින් පිත් රෝග වලින් පෙළෙන රෝගීන්ට ගුණදායක ඖෂධයකි.
හදවතට හිතකර වන අතර පපුවේ ඇති වන දැවිලි වේදනා සමනයට එනසාල් චූර්ණය ජලයට මිශ්ර
කරබීම ගුණදායක වේ.එනසාල් සැපීමෙන් මුඛ දුර්ගන්ධය නැසෙන අතර, දත් නරක් වීම වලක්වයි.
බුලත් විට රස කරන එනසාල් හුණුදුම් කොළ නොමැතිව ආහාරයට ගැනීමෙන් එහි ගුණාත්මක බව
වඩවයි. ආර්ථිකමය වටිනා කමකින් යුතු එනසාල් සුළු අපනයන බෝගයක් ලෙස මාතලේ, මහනුවර, කෑගල්ල, නුවර එළිය, රත්නපුර හා ගාල්ල යන
දිස්ත්රික්කයන් එනසාල් වගාව සදහා ප්රසිද්ද වේ.
මල් පිපිම සදහා
වසර තුනක කාලයක් ගත වේ.අගෝස්තු සැප්තැම්බර් වල ඵ්ල හට ගැනීම සිදු වේ. ඵලය
සම්පූර්ණයෙන් මේරීමට පෙර එය නෙලා ගත යුතු වේ. ක්රමානු කූලව වියලා ගනු ලබන්නේ
පිපිරීම වලක්වා ගැනීම පිණිසය. විශාල පරිමාණයෙන් වියලීම සිදු කරනු ලබ්න්නේ වියලන
යන්ත්ර භාවිත කරමීනි.දේශීම මෙන්ම විදේශී වෙළද පොළේ එනසාල් සදහා අධික ඉල්ලුමක්
ඇත.එනසාල් ආහරයට එකතු කරන්නේ කරන්නේ ප්රනීත බවකි. අත මිට සරු කරන ගුණ සපිරි
එනසාල් කුළුබඩු ලොව අගරැජින ලෙස කිරුළු දරා ඇත.
good job
ReplyDeleteඅපූරු සටහන
ReplyDelete