නිට්ටෑවා යනු
අද්භූත සත්වයෙක්ද....? Nittewo
බොහෝ
කලකට පසු නිට්ටෑවුන් පිළිබද මතකය අලුත් වූ අයුරක් පෙණුනි. වැද්දා ශ්‍රී ලා0කික ආදි වාසියෙකි.එහි
විවාදයක් නැත.එහෙත් නිට්ටෑවන් පිළිබද මේ වන තුරු පවතින්නේ කුකුසකි.සමහර විද්‍යාඥයන්
අනුමාන කරන අන්දමට නිට්ටෑවා නෙග්රිටෝස් ගෝත්‍රිකයන්ගේ අවසාන පුරුකය. එහෙත් ඇතමුන්
විශ්වාස කරන්නේ නිට්ටෑවා වානරයාගේත් මිනිසාගේත් අතරමැදි අවස්ථාවක් ලෙසය.නිට්ටෑවා
යනු රාහු වලසා නමැති වලස් විශේෂය යැයි මතයක්ද ඇත.මේවා සියල්ල හුදු මත පමණි. ඒ
මොනවා වුනත් ඒ පිළිබදව හරි හමන් පුරාවිද්‍යාත්මක සධකයක් මේ වන තුරුත් ඉදිරිපත් වී
නොමැත. දැනට හෙළිදරව් වී ඇති ආකාරයට නිට්ටෑවන් ජීවත් වී ඇත්තේ තමන්කඩුව හා යාල
නැගෙනහිර මහලේනම ප්රදේශයේය.ඉතිහාස කතා අනුව මොවුන්ගේ ඉතිහාසය වැද්දනි ගේ ඉතිහාසයට
වඩා වසර 250ක් ඈතට
දිවයයි.
1866 දී "ද නිට්ටෑවො ඔෆ් ද සිලෝන්: ද තප්රොබෙයින්"නම් ග්‍රන්ථය ලියූ නෙවිල් මහතා නිට්ටෑවන් යනු
බොහෝ කළු දරුණු මිනිසුන් විශේෂයක් බව කියයි. ජීවත්ව ඇත්තේ කුඩා සමූහයක් ලෙස ලේනම
ප්රදේශයේය. වැඩිපුරම ගස්මත ගැවසී ඇති නිට්ටෑවුන් සිරුර ආවරණය කරගෙන ඇත්තේ කොළ අතු
වලිනි. නිට්ටෑවෝ හැඩරුවින් හා හැසිරීමෙන් වැද්දන්ට සි0හලයන්ට හෝ දෙමළ ජනතාවටසාමාන නොවෙති. එහෙත්
ඔවුන්ගේ භාශාව තෙලිගු භාෂාවට කිසියම් සමීප බවක් පෙන්නුම් කරයි.
නිට්ටෑවන්
බොහොමයක් අවස්ථාවල වැදි ජනතාව සමග ගැටුම් ඇති කරගෙන ඇත.මෙසේ කරුණු දක්වන හියු
නෙවිල් වැදි ජනතාව වැරදීමකින් හෝ ලේනම ඉසව්වට දඩයමට තබා පැණි එකතු කර ගැනීමටවත්
නොගිය බව සදහන් කරයි.මේ කරුණු කාරනා අනුව එක දෙයක් අනුමාන කළ හැකිය. එනම් වැද්දන්
හා නිටෑවන් අතර ගැටුම් පැවති බවයි.
මේ ගැටුම්
නිසා නිට්ටෑවන් ළමයින් සහ ගැහැනුන් සමග ගල් ගුහා වල රැකවරණය පතා ගියේ යැයි යන්න.
නිට්ටෑවන් මනුෂ්‍ය කොට්ඨාශයක් යයි විශ්වාස කරන වූවන්ගේ තර්කයකි.
නිට්ටෑවන් ගිනි
අගුරු සාදා ගැනීමටත් ඒවා දින තුනක් පමණ නොනැසී පවත්වා ගැනීමටත් ඉගෙනගෙන තිබුණේ
යැයි කියවේ. නිට්ටෑවන්ගේ අභාවයෙන් පසු මෙම පෙදෙස් වලට වැදි ජන්තාව ස0ක්‍රමණය වන්නට
ඇතැයිහියු නෙවිල් විශ්වාස කරන අයුරක් ඔහුගේ ග්රන්ථ වලින් හෙළිදරව් වේ. නිට්ටෑවුන්
පිළිබද දිගු කළෙක පටන් කරුණු එක් රැස් කරන ෆෙඩ්රික් ලුවිස් නිට්ටෑවුන් අඩි තුනක්
පමණ වූයේ යැයි කියයි.ගැහැණු උදවිය ඊට වඩා මිටිය. සිරුර කෙළින් තබාගෙන ඇවිදින
නිට්ටෑවුන් මුළුමනින්ම නිරුවත්ය. නිට්ටෑවාට වල්ගයක් හෝ එබදු එබදු අවයවයක් දක්න්නට
නොලැබේ. අත් පා කෙටිය. නිය දිගුය. එහෙත් ශක්තිමත්ය. ෆෙඩ්රික් ලුවිස් හෙළිදරව්
කරනා පරිදි නිට්ටෑවන්ගේ නිවහන ගස්ය, ගල්ගුහාය නැත්නම් ගල් පැළුම්ය.
නිට්ටෑවුන්
ආහාරයට බොහෝවිට කුඩා සතුන්ද අයත්ව තිබුණි. ඒ අතර හාවුන්, ලේනුන් හා ඉබ්බන් වෙතැයි ඔහු අනුමාන කරයි.
සාමාන්‍යයෙන් දහය පහළොව කණ්ඩායම් ලෙසින් ජීවත්ව ඇති නිට්ටෑවන්ගේ හඩ බොහෝ දුරට
කුරුළු හඩකට සමානයැයි මතයක් පවති. නිට්ටෑවුනටවන සියවස අග භාගයත් නවවන සියවස මුල
භාගයත් අතර කාලය තුළදී ල0කාවෙන් සදහටම
තුරන් වන්නට ඇතැයි සැලකේ. ජනප්රවාදයේ සදහන් වන්නේ වැද්දන් එකතු වී සියළුම
නිට්ටෑවුන් ගල් ගෙයකට ගාල් කර ගිනි දමා විනාශ කර වූ බවයි.ම් මේ මතවාද කෙසේ වුවත්
නිට්ටෑවුන් පිළිබදව සැකසු අනුමාන කතා බොහොමයක් ගෙතී තිබේ.
හියු නෙවිල්
මතයට අනුව නිට්ටෑවා නියෑඩිස් ගොත්‍රයට නෑකම් කියන පිරිසකි.නියෑඩිස් ගෝත්‍රය
හැදින්වනුයේ වැඩි කලක් එක තැන නොරැදෙන කුඩා කණ්ඩායමක් ලෙසිනි.ඔවුහු තැනින් තැන
ගොස් කුඩා කූඩාරම් හෝ ගස් වල ලැගුම් ගනිති. ආහාරය ඉබ්බන් සහ කිඹුලන්ය.ඔවුන්
අදහන්නේ කාන්තා දෙවගනකි. වසරකට වතාවක්
කුකුළු බිල්ලක් දී මහා යාගයක් පවත්වති. හියු නෙවිල් පවසන පරිදි නිට්ටෑවන්ට
ඇ තැම් විට සි0හල ලම්භකර්ණ රජ පෙළපත සමග සම්බන්ධතාවය්ක් තිබිය හැක. ලම්භකර්ණ
පෙළපතෙ අවසාන පුරුක් කීපය නිට්ටෑවන් බව ඔහු සදහන් කරයි.
මානව විද්‍යඥ
ඔස්මන් හිල් නිට්ටෑවන් ජාවා මිනිසා නැතහොත් පිතකැත්රොපස් යන මානව අවස්ථාවේ හුදකලා
අවස්ථාවක් ලෙස පෙන්වා දෙයි. එනම් මිනිසාත් නොවුනු වානරයෙකුත් නොවුනු
අවස්ථාවකි.එහෙත් 1963 දී "ලන්කාවේ
කුරු මානවයෝ" යන මැයෙන් ලිපියක් ලියූ කපිතාන් ඒ.ටී රඹුක්වැල්ල පෙන්වා දෙන අන්දමට
නිට්ටෑවන් යනු මිනිසෙකු වැනි වානරයෙකි.මෙම සත්ව විශේෂය දැනුදු අෆ්රිකාවේ වාසය
කරනු බව අනුමාන කරනු ලබයි.මිනිසෙකු වැනි වානරයෙකු වන මෙම සත්වයා ඉතා කුඩාය. ස්රජුව
නැගී සිටින ඔහු දෙපයින් යයි. එහෙත් මානව හා සත්ව විද්ය්ඥයන්ගේ බොහෝ දෙනෙකුගේ මතය
නම් එවැනි සත්වයෙකු ජීවත් විය යුත්තේ මීට වසර ලක්ෂ පහකට පමණ පෙරාතුවය.
දොස්තර ආර්.
එල් ස්පිටල්ගේ මතය අනුව නිට්ටෑවා යනු ලන්කාවෙන් අතුරුදහන් වූ ලන්කාවටම අවේණික රතු
හිසැති දුඹුරු වලසා නැතහොත් රාහු වලසාය.නිට්ටෑවන්ට රතු හිසකෙස් සහ දිගු නිය තිබුණු
බවට පැහැදිලිවම සාක්ෂි ඇත. හියු නෙවිල් තමා 1885 වසරේ දී රාහු වලසෙකු දුටු බව සටහනක් තබා
ඇත. එම සටහනට අනුව ඔහුට රාහු වලසෙකු හමු වී ඇත්තේ කුඹුක්කන් ඔයෙනුත් මැණික්
ගගෙනුත් වටවුණ කැලෑ බද ප්රදේශයකදීය. දැනට හෙලි වී ඇති කරුණු අනුව රාහු වලසාගේත්
නිට්ටෑවගේත් හැසිරීම එකය කටහඩ එකය. හැසිරෙන්නේ කැලෑවලය. ඔවුන්ගේ අමුතු හඩ ගස්වල
ගෙඩි වල කොළ වල යුෂ උරාබොන ශබ්දයයි. අනෙක් අතට ඉතා උස ගස් මුදුන් වලට නැග පැණි,
කෑම සොයා යති. ගසකට
නැගුණු පසු පෙනෙන්නේ මිනිසෙකුගේ හැඩ රුවටය. මහාචාර්ය නන්දදේව විජෙසේකර
1964 දී කරුණු
දැක්වූ අන්දමට නිට්ටෑවන්ගේ ගති ලක්ෂණ ආසියාවේ අන්දමන් දූපත් වල වෙසෙන ඇතැම්
මිනිසුන්ගේ ගති ලක්ෂණ වලට සමානය.ඒ අනුව ඔවුන්ගෙන් පිරිසක් එකතරා කාල වකවානුවකදි ල0කාවට පැමිණියා යැයි
අනුමාන කිරීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ. කෙසේ වෙතත් එක දෙයක් පැහැදිලිය එනම් දැනට
ලෝකයටම අභියෝගයක් වී ඇති උතුරු ඇමෙරිකාවේ බිග් ෆුට්, හිමලයේ හිම මිනිසා වැනි අද්භූත මනවයින්
ගොන්නා ශ්‍රී ල0කාවේ නිට්ටෑවන් එකතු වන බවයි. නිට්ටෑවා පිළිබදව සැබෑ වතගොත සොයා
ගැනීම සදහා තව තවත් පුරා විද්‍යාත්මක කැණීම් සහ ඓතිහාසික සාක්ෂි ගවේෂණය කළ යුතුය.
No comments:
Post a Comment