හිතුමතේ ගල්වන ආලේපන නිසා ජීවිතයට රතු එළියක්.....!!! roopalawanya aalepana
ලොව වසන සෑම
ස්ත්‍රියකට හා පුරුෂයෙකුට තම ත්මන්ට අනන්‍ය වූ රූප ශෝභාවක් උරුම වී තිබේ. එහෙත්
සමේ පැහැය අතින් එකිනෙකා සමාන වන්නේ නැත. ප්‍රවේණිගත කාරනා දේෂගුණික කාරණා ඒ ඒ
පුද්ගලයාගේ ශරීරයෙස් ඇති විශේෂතා ඇතුළු බොහෝ කරුණු කාරණා පදනම් කරගෙන ශරීරයේ
පැහැයෙන් එකිනෙකා වෙනස්ය. කෙසේ වෙතත් තමාට උපතින් උරුම වූ සමේ පැහැය වෙනස්
කරගැනීමට උත්සහ දැරීම අද සමජයේ ඉතා සුලභ කාරණයක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම තරමක්
අවපැහැ සමක් ඇත්තවුන් සම පැහැපත් කර ගැනීමට මෙන්ම පැහැපත් සමක් ඇත්තවුන්සිය සමේ
පැහැය වඩා වර්ධනය කර ගැනීමට නොයෙක් ආකාරයේ පිළියම් ප්‍රතිකර්ම සිදු කරනු දැකිය
හැකිය. මේ සදහා බොහේ දෙනා අතර ඉතා ප්‍රචලිත ක්‍රමය බවට පත්ව ඇත්තේ ජනමාධ්‍ය මගි හෝ
වෙනයම් මාර්ගයකින් දැන ගැනීමට ලැබූනු සම පැහැපත් කරන්නේ යැයි පව්සන ආලේපන භාවිතා
කිරීමයි.මෙලෙස විවිධ ආලේපන භාවිත කරන ඇතැම් දෙනාට අපේක්ෂිත ප්‍රතිඵල ලැබුණතෙම ප්‍රතිඵල
ලැබෙනුයේ අදාල ආලේපනයේ අන්තර්ගත කුමන මූලද්‍රව්‍ය හේතුවෙන්දැයි ඔවුන් තුළ අවබොධයක්
නැත.සමජයේ අතිබහුතරයක් දෙනා නොදන්නා මුත් ඇතැම් ආලේපන භාවිතයෙන් සම පැහැපත්වෙන්නේ
ඒවායේ පවතින අන්තර්ගතවූ රසදිය හේතුවෙනි. වෙනත් ආකාරයකින් පවසතොත් බොහෝ රූපලවන්‍ය
ආලේපන නිෂ්පාදකයින් සිය පාරිභෝගිකයන්ගේ හම සුදු කරන්නට යොදා ගන්නේ මිනිස් සිරුරට
අතිශයින්ම අන්තරාදායක රසදිය නම් බැර ලෝහයයි.
පාරිභෝගිකයන්ගේ
හම සුදු කරන්නට යොදා ගන්නේ මිනිස් සිරුරට අතිශයින්ම අන්තරාදායක රසදිය නම් බැර
ලෝහයයි.මේ බව අනාවරණය වුයේ පරිසර යුක්ති කේන්ඩ්‍රය මගින් සිදු කළ පර්යේෂණයකදී ය. ඒ
අනුව වඩාත් ඉහළ රසදිය සාන්ද්‍රණයක් අන්තර්ගත බව අනාවරණය වුයේ තායිලන්තයේ සහ චීනයේ නිෂ්පාදිත
ආලේපනයන්ගේය.ශ්‍රී ලන්කාවේ නිෂ්පාදිත ආලේපනයන්ගේ ද නොයෙක් ප්‍රමාණයේ රසදිය
අන්තර්ගත බව අනාවරණය විය.රසදියෙහි ඇති විෂ සහිත බව නිරාවරණය වන රසදිය ස0යේග මත රදා පවතී. ඒ
අනුව වඩාත් විෂ සහිත ආකාරය වන්නේ ක්බනික/ මෙතිල් ම්'කරි
ස0යෝග යන්නයි. නමුත්
කුමන ආකාරයෙන් වුවද පවතින රසදිය සම මගින් උරා ගනු ලබන අතර එහි ඇති මේද ආකර්ෂණ ගුණය
නිසාම මේවා දේහයේ තැන්පත් වෙයි. රුධිරයේ
රසදිය එක් රැස්වීමෙන් ආසාත්මිකතා, සමෙහි වේදනා හෝ ස්නායු පද්දතියේ ස0කූලතා ඇති වීම මෙන්ම
රසදිය කෙරෙහි අධික ලෙස නිරාවරණය වීමෙන් ගැස්ම මතක ශක්තිය අඩු වීම, චර්ම රෝග, වකුගඩු වල ආබාධ වැනි
විවිධ සායනික රෝගාබාධ ඇති කරයි.රසදිය හේතුවෙන් මෙවන් සෞඛ්‍ය ගැටළු රැසක් ඇතිවීමේ
ඉඩකඩ තිබියදීත් සම පැහැපත් කිරීමේ, ක්‍රීම් , සබන් වර්ග හා ආලේපනයන් සදහා සම පැහැපත්කිරීමේ ප්‍රතිකාරකයක්
ලෙස රසදිය භාවිතා කිරීමට හේතුව නම්‍රසදිය මෙලනින් ඇති වීම නිෂේධන කාරකයක් ලෙස ක්‍රියා
කිරීමයි. සම පැහැපත් කිරීම් යනු සමෙහි මෙලනින් සන්ද්‍රණය අඩු කිරීම මගින් සමේ
පැහැය හෝ සමේ වර්ණය අඩු කිරීමයි. ශරීරයට අහිතකර වූ රසදිය මගින් මේ කාරණය සිදු
වෙයි. රසදිය මගින් මිනිසාට ඇති විය හැකි හානිකර තත්වය පිළිබද සමස්ථ ලෝකයම මේ වන
විට අවබෝධ කරගෙන තිබේ.
ඇමෙරිකා
එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පාලන මණ්ඩලයට අනුව රුව අල0කර්ණය සදහා ඇස් වටා ගල්වන ආලේපයන්හි රසදිය
අඩ0ගු විය හැක්කේ
ලීටරයකට මිලී ග්‍රෑම් 65 ක් හෝ එහි
ලෝහය නම් ගීතයිල් ම්'කරි ඇසිටේට්
හෝ නයිට්ට්‍රේට් ලෙස ලීටරයකකට මිලි ග්‍රෑම් 100 පමණි. අනෙක් සියළුම ආලේපන සදහා රසදිය අඩ්0ගු වියහැක්කේ උපරිමය
ලීටරයකට මිලිග්‍රෑම් 01ක් පමණි. මෙය
යහපහ් නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ පවතින නොවැළැක්විය හැකි උපරිඅම රසදිය ප්‍රමාණයයි.
සාමන්‍යයෙන් සම පැහැපත් කිරීම සදහා ඇති ක්‍රීම් වර්ගවල යොදා ගනු ලබන්නේ විටමින
වැනි පෝෂකයි.නමුත් ඇතම් ආලේපන වල යොදා
ගන්නා ට්‍රෙටිනොයික් ,හයිඩ්‍රොක්වීනෝන්,කොජික් අම්ලය වැනි
රසායනිකයන්ද මිනිසාට විවිධාකාරයේ හානි පමුණුවයි. හයිඩ්‍රොක්වීනෝන් වල ඇති
පිළිකාකරක අවදානම හේතුවෙන් ඇතැම් රටවල තහනම් කොට තිබේ.මීයන් හා වෙනත් සතුන්
යොදාගෙන කළ පර්යේෂණයකදී මෙය ලියුකේමියාවට හේතු වන බව සොයාගෙන තිබේ.
No comments:
Post a Comment