තනි සෛල ප්‍රෝටීන....
Thani saila protine
තනි සෛල ප්‍රෝටීන
හෝ ප්‍රොටීන යනු ආහාර වේල තුළ අඩ0ගු විය යුතු අනිවාර්‍ය් පෝෂක ස0ඝටකයකි.නමුත් වැඩිවන ජනගහනයත් සමග ප්‍රෝටීන
නිෂ්පාදනය අඩු වී ඇති නිසාසාම්ප්‍රදායික ප්‍රභව වලින් පමණක් ප්‍රෝටීන නිපද වීම ප්‍රමාණවත්
නොවේ. තනි සෛල ප්‍රෝටීන මෙහිදී ආර්ථිකව ලාබදායි ප්‍රබේදයක් ලේස හදුනගෙන ඇත. ක්ෂුද්‍ර
ජීවී සෛල වල ඇති ප්‍රෝටීන ස0ඝටක මෙසේ තනි
සෛල ප්‍රෝටීන ලෙස හැදින්වෙන අතර බැක්ටීරියා, යීස්ට්, ඇල්ගේ හා සූත්‍රිකාමය දිලීර ආශ්‍රයෙන් මේ ප්‍රෝටීන
ලබා ගත හැක. දැනට ලෝකයට ගැටළුවක් වී ඇති විවිධ අපද්‍රව්‍ය උපස්තර වශයෙන් භාවිතාකර
මෙම නිෂ්පාදනයන් සිදු කිරීමට හැකි වීම අමතර වාසියකි. ආහාර කර්මාන්ත වලින් බැහැර
කරන අපද්‍රව්‍ය කඩදාසි කර්මාන්තයේ බැහැර කරන අපද්‍රව්‍ය, දැවමය හා මද්‍යසාර කර්මාන්තයේ අපද්‍රව්‍ය සහ
විශේෂයෙන්ම මිනිස් හා සත්ව අපද්‍රව්‍ය ප්‍රෝටීන නිෂ්පාදනය සදහා උපස්තර ලෙස යොදාගත
හැකිය.
එනමුත් පෝෂ්‍යදායි
ප්‍රෝටීන නිෂ්පාදනය සදහා යොදා ගන්නා බැක්ටීරියා රෝගකාරකයන් නොවිය යුතුවා මෙන්ම විෂ
ද්‍රව්‍ය නිපදවීමද නොකළ යුතුය. ආහාරයේ ගුණාත්මය සහතික කර තනි සෛල ප්‍රෝටීන ලෝක
ජනතාවගේ ප්‍රෝටීන හිගතාවයට පිළියමක් ලෙස භාවිතා කළ හැකිය.
No comments:
Post a Comment