Saturday, October 19, 2019


පාවෙන තෙල් තට්ටු ගැන ඔබ දැනුවත්ද...?

Saagara thel wisirum

වර්ත්මානය වනවිට සමුද්‍රීය පරිසරය හා සත්ව ප්‍රජාව මුහුණපාන ප්‍රධාන ත්‍රජනයක් ලෙස "තෙල් විසුරුම්" හැදින්විය හැකිය. ජල තලය මතට මුදා හරින ද්‍රවීය පෙට්‍රොලියම් හ්යිඩ්‍රොකාබන තෙල් විසිරුම් සදහා හේතු කාරක වේ. ප්‍රධාන වශයෙන්ම මානව ක්‍රියාකාරකම් හේතුකොටගෙන මුදා හැරෙන් මෙම තෙල් තට්ටු ජලය මත පාවෙමින් විශාල ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වේ.

තෙල් විසුරුමක් සිදු වූ සාගර කලාපයක්.

තෙල් විසුරුමක බලපෑම ප්‍රධාන කරුණු කීපයක් මත තීරණය වේ. ඒවා නම්, තෙල් වර්ගය සහ ප්‍රමාණය, කාළගුණික තත්වය, වෙරළේ ස්වභාවය, දියවැල් හා උදම් යනාදියයි.
මුහුදේ  විසිරුණු තෙල් තට්ටු
මෙමතෙල් විසිරු ඇති වීම සදහාබලපානු ලබන මානව ක්‍රියාකාරකම් ලෙස, මගී නැව්, භාණ්ඩ ප්‍රවාහන නැව් මුහුදුබත් වීම නැව් වල ඉන්දන කාන්දු වීම, කර්මාන්තශාල මගින් අවිදිමත් ලෙස මුහුදට මුදාහැරෙන තෙල් සහ ඉන්ධන, යුද ගැටුම් හා ත්‍රස්ත ක්‍රියාකාරකම් , බොරතෙල් සදහා මුහුදු පතුලේ කණින ලද තෙල් ළින් ආශ්‍රිත ක්‍රියාකාරකම් ආදිය හැදින්විය හැකිය. මෙම හේතූන් මත නිර්මාණය වන  මේම අති විශාල පාවෙන තෙල් තට්ටු මගින් සමුද්‍ර හා ශාක හා සත්ව ප්‍රජාවට මෙන්ම සන්චාරක කටයුතු හා වෙරළබඩ ප්‍රජාවගේ ස්වුක්‍යටද එල්ල වන බලපෑම අතිමහත්ය. ඒ අනුව මෙම බලපෑම ප්‍රධාන ආකාර තුනකි. ආර්ථික බලපෑම් පාරසරික බලපෑම් හා සවුඛ්‍යමය බලපෑම් යනුවෙනි.
මෙම තෙල් විසුරුම් වෙරළබඩ ප්‍රජාවගෙ ආර්ථිකයටද ඔවුන්ට නොදැනුවත්ම දැඩි බලපෑමක් ඇතිකරනු ලබයි. එහිදී ශ්‍රී ලන්කාවේ වෙරළ තීරය සුන්දරත්වය මත ගොඩනැගුණු  සන්චාරක කර්මාන්තයට දැඩි පහරක් එල්ල වේ. තෙල් තට්ටු වෙරළ තීරය වෙත දිය වැල් ඔස්සේ පාවී ඒමෙන් තාරගුලි වැනි යම්ක් නිර්මණය කරන අතර ඒවා වෙරළ තීරය වසා තැන්පත්වීම හරහා වෙරළ සුන්දරත්වය විනාශ කරමින් සන්චාරක ආකර්ශණය අඩු කරනු ලබයි.
මත්ස්‍ය කර්මාන්තය හැරුනු කොට වෙරළ ආශ්‍රිත ජීවනොපාය විවිධ පැතිකඩ ඔස්සේ සන්චාරක ව්‍යාපාරය හා සම්බන්ධ හෙයින් එය ඔවුන්ගේ ආර්ථිකය පහසුවෙන්ම බිද වැටීමට සමත්ය.දේශීය මෙන්ම විදේශීය සන්චාරකයන්ගේ දැඩි අවධානයට ආකර්ශණයක් ලද පිහිනීම කිමිදීම වැනි කටයුතු වලට බාධා පැමිණීමට මෙම තෙල් තට්ටු හේතු වේ.

සන්චාරක කර්මාන්තය මෙන්ම වෙරළ ආශ්‍රිතප්‍රජාවගේ ප්‍රධානම ජීවනොපාය වන මත්ස්‍ය කර්මාන්තයද අඩාල කිරීමට තෙල් විසිරුම් හේතු වේ.මෙම තෙල් වල පවතින රසායනික ද්‍රව්‍ය විෂ සහිත වීමෙන් මසුන් විශාල ප්‍රමානයක් මිය යාම සුලබ කරුණකි.
පෙර සදහන් කල බලපෑම් එකිනෙකට සබැදි ගැටළු රැසක් උද්ගත කිරිමෙහිලා සමත්ය. තෙල් විශ වී මසුන් මිය යෑම ආර්ථික මෙන්ම පාරසරික ආ සව්ඛ්‍යයමය ගැටළු ඇතිකරයි. විශාල වශයෙන් මත්ස්‍යයන් මිය යෑම පාරසරික හානියක් වන අතරම තෙල් විෂවීම සිදු වූ මසුන් පරිභෝජනය, ආහාර දාම ඔස්සේ මිනිසාටද හානි පමුණුවයි. ඒය ස්නායු ආබාධ මෙන්ම ශ්වසන අපහසුතා ඇති කරයි. ඇතැම් විට අධික ප්‍රමාණයෙන් ශරීරගත වූ විට උග්‍ර විශ සහිත තත්වයන්ද වුවද ඇතිවිය හැකිය. තෙල් විසිරුම් මගින් ඇතිවන පාරසරික හානිය සැලකූ කල එය පුළුල් පරාසයක විහිදෙයි. ප්‍රධාන වශයෙන්ම මුහුදු පක්ෂි විශේෂ සහ මුහුදු ක්ෂීරපායින් මෙහි බලපෑමට දැඩි සේ ගොදුරු වේ. දිය වැල් ඔස්සේ කලපු, මෝය ආදි ප්‍රදේශ දක්වාද පැතිර යන මෙම තෙල් තට්ටු එම ස්ථාන සිය වාසය කරගත් ජලජ පක්ෂීන්ගේ සිරුරු මත වැස්මක් ආකාරයෙන් තැන්පත් වී ඔවුන්ගේ පියාපත් ඇලෙන සුළු තත්වයට පත් කරයි. කාලයත් සමග මෙම පක්ෂීන් ශ්වසන අපහසුතා හේතුවෙන් මිය යනුයේ එසේ බැදුනු තෙල් තට්ටුවල බලපෑමෙනි.

               තෙල් විසිරුමක බලපෑමට ලක් වූ සතුන්


සීල් මසුන් වැනි මුහුදු ක්ෂීරපායි ගණයේ සත්වයන්ද මෙම ශෝක ජනක ඉරණමට ලක් වේ. ලෝම සහිත දේහ හිමි මෙම සතුන්ගේ සිරුරු මත තෙල් තැන්පත්වීමෙන් ඔවුන් දැඩි ශාරීරික අපහසුතාවයකට පත්වන අතරම සීඝ්‍රයෙන් වදවීගෙන යන සුන්දර සත්ව විශේෂයකට ශෝචනෑඑය මරණයක් අත්කරදීමට එය සමත් වේ. කිසිවෙකුට හානියක් නොමැති පෘතුවිතලය සුන්දර කරන අහින්සක සත්ව කොට්ඨාසයක් ලක්ව ඇති මෙම අනතුරට සැබැවින්ම ඔබත් මමත් මෙන්ම සමස්ථ මානව වර්ගයාම දායක වී ඇති බව අමිහිරි සත්‍යකි.

               කඩොලාන මත තැන්පත්වූ තෙල් තට්ටු

සතුන් හැරුණු කොටගෙන මුහුදු තෘණ, මුහුදු පැළෑටි සහ කොරල්පරද තෙල් තට්ටු හේතුවෙන් අනතුරට පත් වටිනා සම්පත් වේ. කොරල් පර නිමැවුම් කරුවන් වන පොලිප් බුහුබාවා නම් ජීවියා තෙල් වල විශ සහිත රසායනිකයන් නිසා මියයාම කොරල් හායනයට තුඩු දෙන ප්‍රබලතම හේතුවකි. වෙරළ ආශ්‍රිත කලාපයන්ට සීමා වූ සුවිශේෂි ශාකවිශේෂයක් වන කඩොලාන ශාක ප්‍රජාවටද මෙම තෙල් විසිරුම් හානි පමුණුවයි. දිය වැල් ඔස්සේ කලපු කරා ඇදෙන තෙල් තට්ටු මෙම කඩොලාන ශාක වල මුල් මත තට්ටු ආකාරයෙන් තැන්පත් වෙමින් මුල් මගින් ඔක්සිජන් සපයා ගන්නා මෙම ශාක වල ජීවය නැති කිරීමට හේතු වේ.

උක්ත සියළු කරුණු සලකා බැලීමේදී තෙල් විසිරුම් යනු සුළුවෙන් තැකිය නොහැකි උවදුරක් බව පැහැදිළි වේ. දැනුවත්ව හෝ නොදැනුවත්ව අප සිදු කරන බොහෝ ක්‍රියාවන් අපේම පරිසරය වනසමින් අපවද විනාශය කරා ගෙන යන බව මෙයින් අප අවබෝධ කරගත යුතුය. එනිසාවෙන් , අප හා පරිසරය දැනුවත්ව අපේ සමුදුර තෙල් හා රසායනික ද්‍රව්‍ය වලින් සිදුවන දූෂණයෙන් රැක ගැනීමට අපට හැකි සියළු අයුරින් කටයුතු කිරීමේ කාලය පැමිණ තිබේ.

No comments:

Post a Comment