Sunday, October 20, 2019

ල0කාවේ මැණික් කර්මාන්තය  sri lanka gems



ශ්‍රී ලන්කාවේ මැණික් වෙළද පොලෙන් සැළකිය යුතු ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇත්තේ කුරුවින්ද ඛනිජ වර්ගයට අයත් මැණික් වලින්ය.එයින් නිල් මැණික් ප්‍රධාන වේ. මෙම නිල් මැණික් වලින් 95% පමණ ප්‍රමාණයක් තාප පිරියම් කිරීම මගින් ලබා ගත් නිල් මැණික් වේ.මෙම නිල් මැණික් ශ්‍රී ලන්කාවේ පටහල් වලින් හමුවන විවිධ ගෙවුඩ වර්ගයන් තාප පිරියම් කිරීමෙන් ලබා ගත් ඒවා වේ.
ශ්‍රී ලන්කාවෙන් හමුවන ගෙවුඩ ඒවායේ භෞතික ලක්ෂණ පදනම් කරගනිමින් නැවත විවිධ වර්ගයන් හට වර්ග කිරීම සිදු කර ඇත.මෙම ගෙවුඩ අතර ප්‍රධාන වර්ග ලෙස කිරි ගෙවුඩ හා සිල්කි ගෙවුඩ හැදින්විය හැකි අතර ඒවා නැවත අපද්‍රව්‍ය පිහිටන ප්‍රමාණය අනුවනැවත වර්ග තුනකට බෙදා වෙන් කර ගත හැකිය.එනම් පිහිටන ගෙවුඩ ප්‍රමාණය ඉතා අඩු නම් එය "ය0 සිල්කි" හෝ "ය0 කිරි ගෙවුඩ" ලෙසද සාමන්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ඉතා ඝනව පිහිටයි නම් ඒවා "තික් සිල්කි" ගෙවුඩ ලෙසද හැදින්වේ.


තාප පිරියම්කිරීමෙන් පසු ලැබෙන ප්‍රථිළය සැලකූ විට සාමාන්‍ය ප්‍රමාණයට ගෙවුඩ පවතින කිරි හා සිල්කි ගෙවුඩ වලින් ඉතා හොද නිල් පැහැයකින් යුක්ත නිල් මැණිකක් ලබා ගත හැකිය.තික් ගෙවුඩ තාප පිරියම් කිරීමෙන් ඉතා හොද නිල් පැහැයක් ලැබුනද, හොද විනිවිද බවක් ලබා ගැනීමට නොහැකිවේ.ය0 ගෙවුඩ වලින් බොහෝ විට නිල් හැහැයක් ලබා ගැනීමට අපහසු වේ. මැණික් පතල් වලින් ලැබෙන ය0 ගෙවුඩ වලින් බොහෝ විට නිල් පැහැය ලබා ගැනීමට නොහැකි වීම මැණික් ව්‍යාපරිකයින් අද දවසේ මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් බවට ඇත.එබැවින් මේ දක්වා සැළකිය යුතු ප්‍රමාණයක් පවතින ය0 ගෙවුඩ වලින් මැණික් ව්‍යාපාරය සදහා ඵලදායිව යොදා ගැනීමට අපොහොසත් වී ඇත. එහෙයින්. මෙම ලිපිය මගින් ඉදිරිපත් කරණු ලබන්නේ මේ දක්වා ය0 ගෙවුඩ පිළිබදව සිදු කෙරෙමින් පවතින අධ්‍යන කිහිපයක් පිළිබදවයි.


02. දැනට සිදු කෙරෙන සාමාන්‍ය ක්‍රමවේදය


සාමාන්‍ය ක්‍රමවේදයේදී ලක්මිණි ගෑස් උදුන මගින් ය0 ගෙවුඩ මුල් අවස්ථාවේදී තාප පිරියම් කිරීම කරනු ලබයි. එහිදී ඉහළ උෂ්ණත්වයකට රත් කිරීමේදී සහ සිසිල් කිරීමේදී අධික ඔක්සිහාරක තත්වයක් නිර්මාණය කරනු ලබයි. එය ප්‍රායෝගිකව සිදු කරනු ලබන්නේ එල්. පී. ගෑස් ප්‍රමාණය සාපේක්ෂව වැඩි කිරීම මගිනි.මෙහිදී කාබන් සහිත අධික දුමක් පිටවෙන අතර ගල් වල පියන තුනී තට්ටුවක් ලෙස කාබන් තට්ටුවක්ද තැන්පත් වේ. මෙම තත්වයේදී සිසිල් වීම ඉතා සෙමින් සිදු කිරීමට ඉඩ සැලසීම මගින්තරමක ප්‍රථිඵලයක් ලබා ගත හැකි බව පසුගිය පර්යේෂණයන්ගෙන් පෙනී ගොස් ඇත.
තාප පිරියම් කිරීමෙන් පෙර පසු අවස්ථා


එහෙත් මැණික් ව්‍යාපාරිකයන්ගේ හා ගෙවුඩ තාප පිරියම් කරන්නන්ගේ අදහස වනුයේ ඔක්සිහාරක වායු එනම් හයිඩ්‍රජන් හා නයිට්‍රජන් මිශ්‍ර කර යැවීම මගින් ඉතා හොද ප්‍රථිඵල අත්කර ගත හැකි බවයි.එහෙත් අප විසින් පසුගිය පර්යේෂණයන්ගෙන් අනාවරණය කරගනු ලබන්නේ ගෙවුඩ තාප පිරියම් කිරීමේදී සිසිල් කරන අවස්ථාවේදී මෙම වයු ලබා දීම මගින් අපේක්ෂිත ප්‍රථිඵල අත්කරගත නොහැකි බවයි.එයට ප්‍රධාන හේතුවක් වනු ඇත්තේයැයි අප අපේක්ෂා කරනුයේ අධික පීඩනය ඇති නයිට්‍රිජන් වායුව මගින් තාප පිරියම් කරන ලද ගල සාපේක්ෂව ඉතා ඉක්මනින් සිසිල් වීමය.
මේ පිළිබදව නිවැරදි නිගමන වලට පැමිණීම සදහා තවදුරටත් පර්යේෂණ සිදු කෙරෙමින් පවතී. කෙසේ වෙතත් ගෑස් උදුන මගින් තාප පිරියම් කරන ලද ලා පැහැයකින් යුක්ත නිල් මැණික් විදුලි උදුන ආධාරයෙන් වැඩි කාලයක් (දින කිහිපයක්) විශේෂිත උෂ්ණත්වයක නැවත තාප පිළියම් කිරීම මගින් නිල් පැහැය වැඩි දියුණු කරනු ලබයි.මෙම ක්‍රම වෙදය මැණික් ව්‍යාපරිකයන් අතර ඉලෙක්ට්‍රික් ගැසීම ලෙස ව්‍යවහාර වේ.මේ සදහා අදික කාලයක් වැය වීම මැණික් ව්‍යාපාරිකයන්ට ඇති ප්‍රධානතම ගැටළුව වේ.

03.ඉහළ උෂ්ණත්ව සහ පීඩන තත්ව යටතේ ය0 ගෙවුඩ තාප පිරියම් කිරීමේ හැකියාව.


දියමන්ති අනර්ඝ කිරීම සදහාඉහළ උෂ්ණත්වයක් හා පීඩනය්ක් යෙදීම කරනු ලබයි.මෙය එච්.පී.එච්.ටී ලෙස හඩුන්වනු ලබයි. මෙය මුල් කාලයේ දියමන්ති සදහා භාවිතා කළද පසුගිය වර්ෂ කිහිපයේදී කොරියානු ජාතිකයන් විසින් නිල් මැණික් වල වර්ණය දියුණු කිරීම සදහා භාවිතා කර ඇත.මෙය මුල් අවථාවේදී අසාර්ථක වුවද පසු අවස්ථාවේදී සාර්ථක කර ගැනීමට සමත් වී ඇත. මෙම ක්‍රම්යේදී උෂ්ණ්ත්වය 1200-1800 සෙල්සියස් අතර ප්‍රමාණයකටද පීඩනය කිලෝ බාර් එකක පීඩනයක්ද ගලට යොදනු ලබයි. මේ සදහා වන්නේ විනාඩි 20ක පමණ කාලයකි.එකවර එක ගලකට පමණක් ප්‍රතිකාර කර හැක. එය අවාසියකි.

No comments:

Post a Comment