Friday, November 15, 2019


නූතන යුරෝ විද්‍යාව සහ පුරාණ ශිෂාඨාචාරික විද්‍යාව.

නූතන විද්‍යාව බිහිවීමට අවශ්‍ය කරන බුද්දිමය පසුබිම දහතුන්වන සියවසේදී පමණ වර්ධනය වුවද ඊට අදාළ  සෘජු පරිවර්ත්න ආරම්භ වූයේ ක්‍රිස්තුවර්ෂ දහසය වන සහ දහත් වන සියවස් වලදි යුරෝපය කේන්ද්‍ර කරගෙනය. තාරකා ශාත්‍රය සහ භෞතික විද්‍යාව පසුබිම්කොටගත් මෙම ව්‍යාපාරය ආරම්භ්වීමට පුරෝගාමි වූයේ කොපනිකස්, ගැලීලියො ගැලලි,සහ නිව්ටන්ය.මෙම කීර්තිමත් විද්‍යාඥයන්ගේ නව සොයාගැනීම් වලට පදනම සපයන ලද්දේ ෆ්‍රැන්සිස් බේකන් විසින් විද්‍යාත්මක ක්‍රමය වශයෙන් පැහැදිලි කරන ලද තොරතුරු ගවේෂණයට අදාළ කරගත හැකි ක්‍රමවේදයත් දාර්ශනිකයකු වූ රෙනෙ ඩේකාටස් විසින් හදුන්වා දෙන ලද විශ්ලේෂණ සහ අනුමාන කිරීමට අදාළ ක්‍රමවේදයන්ය. එමගින් එතෙක් බටහිර රටවල පැවති ඇරිස්ටෝටලියානු සම්ප්‍රදායේ විද්‍යාත්මක අදහස් වලට පදනම සැපයූ දාර්ෂනික පසුබිමට වෙනස් ලෝ දෘෂ්ටියක් නිර්මාණය කළේය. මේ සියල්ල එක්ව ගත්කල හැදින්වෙන්නේ නූතන විද්‍යාව නමිනි. ඇත්තෙන්ම ඒ ව්‍යවහාරය යුදෙව් ක්‍රිස්තියානි බුද්ධිමය සම්ප්‍රදායේ නිමවුමකි. ඩේකාටස්ගේ ක්‍රමය වූයේ විෂ්ලේශණයි. සිතුවිලි හා ගැටළු කැබලි වලට බිදහෙලා ඒවා තර්කානු අනුපිළිවෙලකට සකස් කිරීම එහි ක්‍රමවේදයයි. ඩේකාටස් විසින් නූතන විද්‍යාවට දායක කළ විශිෂ්ඨ අදහස එයයි. මිනිසෙකුට සද මත පා තැබීමට හැකි වූයේ නූතන විද්‍යාවේ පවතින මෙම විශ්ලේෂණාත්මක ප්‍රවේෂය නිසාය.ඩේකාටස්ගේ ප්‍රසිද්ද ප්‍රකාශයක් වූ"මම සිතමි, එහෙයින් මම ටිමි" යන්න සියළු දාර්ශනික මතවාද මගින් සාකච්ඡාවට ලක් කර තිබෙන මනස සහ ශරීරය පිළිබද ස0කල්පයට සම්බන්ධ ඔහුගේ බුද්දිමය ස්ථාවරය පිළිබිඹු කරයි. ඩේකාට්ස විසින් පතළ කළ අදහස මගින් අවධාරණය කරන්නේ ශරීරයට මනස අයත් නොවන අතර මනස ශරීරයට අයත් නොවේය යන කල්පනාවයි.මෙම කාටීසියානු බෙදීම නූතන විද්‍යාවේ කේන්ද්‍රිය දාර්ශනික පදනමයි.ලෝකය දෙස යාන්ත්‍රික්ව බැලීමට නූතන විද්‍යාව හුරු වූයේද ඒ ආනුභාවයෙනි.


ඩේකාට්ස්ගේ දර්ශනය නිසා විද්‍යාවේ තර්කානුකූල බව විශ්ලේෂණය වූවා පමණක් නොව එමගින් ලෝකය මත ආධිපත්‍ය පැතිරවීමත් ලෝකය පාලනය කිරීමටත් බල පෑමක් ඇති කළේය.පුරාණ කාල්යේ පෙරදිග පැවති අදහස් යුරෝ ස0ස්කෘතිය සමග පැහීමක් නොමැතිවන්නේ මේ නිසාවෙනි. පෙරදිග රට වල පැවති ඥාණය පසුබිම් කරග්න්නේ පළපුරුද්ද අවබෝධය හා ස්වාභවික අනුපිළිවෙළයි.
චීන වැසියෝ ක්‍රිස්තු පූර්ව 2000 වන විට ලෝකඩ ලෝහය සකස් කිරීමට නිෂ්පාදනය කිරීමටත් යාතු කර්ම වලට භාවිතා කරන ලද පූජාභාණ්ඩ වලින් පෙනී යයි. ඊජිප්තු වැසියන්ගේ ස0කල්පනාවක් වූ මමිකරණය ලෝකයේ බිහි වූ විශිෂ්ඨතම සුසාන ක්‍රමය ලෙස පිළිගැනේ.මමිකරණය සදහා ජෛව පදාර්ථ වෙනස් වීම සහ ඒවා වෙනස් වීමට බලපාන කරුණු පිළිබදව මනා අවබෝධයක් ලබා තිබිය යුතුය. ඉන්දියානු ශිෂ්ඨාචාරයේ ජෙවත් වූ ආර්යභට, භාෂ්කරසහ බ්‍රහ්මපුත්ත යනු අද්විතීය ගණිතඥයන් තිදෙනෙකි.තිකෝණමිතිය පිළිබදව ගණිතකර්ම නූතන විද්‍යාවෙන් හදුන්වා දීමට බොහෝ පෙර ඉන්දියාව තුළ භාවිත කළ බවට සාක්ෂි හමු වී ඇත.

චීන වැසියෝ ක්‍රිස්තු පූර්ව 2000 වන විට ලෝකඩ ලෝහය සකස් කිරීමට නිෂ්පාදනය කිරීමටත් යාතු කර්ම වලට භාවිතා කරන ලද පූජාභාණ්ඩ වලින් පෙනී යයි. ඊජිප්තු වැසියන්ගේ ස0කල්පනාවක් වූ මමිකරණය ලෝකයේ බිහි වූ විශිෂ්ඨතම සුසාන ක්‍රමය ලෙස පිළිගැනේ.මමිකරණය සදහා ජෛව පදාර්ථ වෙනස් වීම සහ ඒවා වෙනස් වීමට බලපාන කරුණු පිළිබදව මනා අවබෝධයක් ලබා තිබිය යුතුය. ඉන්දියානු ශිෂ්ඨාචාරයේ ජෙවත් වූ ආර්යභට, භාෂ්කරසහ බ්‍රහ්මපුත්ත යනු අද්විතීය ගණිතඥයන් තිදෙනෙකි.තිකෝණමිතිය පිළිබදව ගණිතකර්ම නූතන විද්‍යාවෙන් හදුන්වා දීමට බොහෝ පෙර ඉන්දියාව තුළ භාවිත කළ බවට සාක්ෂි හමු වී ඇත.

ක්‍රිස්තුවර්ෂයෙන් දහතුන්වනසියවසෙන් පසු ශ්‍රී ල0කාව ද නොයෙක් පරිමාණයේ දේශපාලනික ව්‍යාකූලතා වලට ගොදුරු විය.මේ හේතුව නිස පැරණි ශිෂ්ඨාචාරික සමයට අයත් වූ ආවේණික විද්‍යාදැනුම පවත්වා ගෙන පැමිණි ආයතනික රාමුව අකාරුණික ලෙස බිද වැටුනි.යුරෝ කෙන්ද්‍රික යටත් විජිත ව්‍යාපාරය ඔස්සේ පෙරදිග ඇතැම් රටවලට නූතන විද්‍යාව සහ තාක්ෂණය විසරණය වූයේද එවැනි පසුබිමකය.එම අදහස් ශ්‍රී ල0කාව ආදි යටත් විජිතකරණයට ලක් වූ සමාජ වල කෙතෙරම් දුරට මුල් බැස ගත්තේද යත් එතෙක් ව්‍යවහාරයේ පැවති ස්වදේශීය සම්ප්‍රදාය විද්‍යාත්මක නොවූවක්ය යන සිතිවිල්ල ඇතිකිරීමට තරම් එය ප්‍රභල විය.මිෂනාරි අධ්‍යාපන ක්‍රමය එසේ සිතන්නට පොළඹවන අධ්‍යාපන ක්‍රමයක්යටත් විජිතය උදෙසා නිර්මණය කළේය. එවැනි තත්වයකට ගොදුරු සමාජය ඉදිරියේ තිබෙන වඩාත් බරපතළ අභියෝගය නම් නූතන විද්‍යාවේ දිග පළල දැනගැනීමට වඩා එය අපගේ ප්‍රශ්න සියල්ල විසදා දෙන එකම විමුක්තිය යැයි සිතන සිතුවිල්ලෙන් ගැලවීමය. එවැනි අනුකාරක චින්තනයකින් මිදීමට නම් කළ යුතු එක්  ප්‍රධාන කටයුත්තක් වන්නේ දේශීයව පැවති බුද්ධිමය භාවිතය ව්සම්ප්‍රදාය පිළිබදව දැනුවත් වීම සහ ඒවායේ පවතින සාරාර්ථය අගය කිරීමට අවශ්‍ය ආකල්ප වැඩිදියුණු කරගැනීමය. 


ගුවන් යානයට පිටුපසින් ඇදෙන රේඛාව ගැන තොරතුරු දැන ගනිමු.

අපි කවුරුත් දන්නා කාරණාවක් තමයි ගුවන් යානාවක් සිය මෙහෙයුම් කටයුතු කටයුතු කරන්නේ ඉන්දන දහනයෙන් බව. මෙම දහනයේදී කබන්ඩයොක්සයිඩ්, නොදැවුනු ඉන්දන හා ජල වාෂ්ප අවශේෂ ලෙස පරිසරයට මුදාහරිනවා.ඉතා ඉහළ වේගයක් යටතේ එන්ජිමෙන් පිටතට ගමන් කරන මෙම අවශේෂ අතර තිබෙනෙ ජල වාෂ්ප වායු ගෝලයට එක් වූ සැනින් සිසිලනයට ලක් වී කුඩා ජල බිදිති බවට පරිවර්තනය වනවා. එසේ සිදු වීමට හේතුව තමයි ගුවන් යානාව පියාසර කරන වායුගෝල කලාපය ජල වාෂ්ප වලින් සන්තෘප්තව පැවතීමයි.මෙම ස0කීර්ණ ක්‍රියාවලිය සිදු වීමට ගත වන්නේ ඉතා කෙටි කාලයක්. අප ඉහත සදහන් කල ජල බිදිති ක්‍රමයෙන් අයිස් ස්ඵටික බවට පත් වෙලා පෙළ ගැසුණු වළාකුළු ලෙස සකස් වෙනවා.ඉතින් මෙය රේඛාවක් විදියට තමයි සකස් වෙන්නේ. හේතුව ගුවන් යානාවේ මග ඔස්සේ ගමන් මග ඔස්සේ පමණක් එම අයිස් ස්ඵටක නිර්මාණය වීමයි. තවත් කාරණයක් තමයි මෙම රේඛා නිර්මාණයට දහනයෙන් පිටවන වායුවේ ජල වාෂ්ප වගේම දූවිලි අ0ශු ආදිය අන්තර්ගතව තිබීමත් වැදගත් බව.

මෙම රේඛා වල ලක්ෂණ කිහිපයක් ඇත. ඇතැම් රේඛා මද වේලාවකින් මැකී යනව, ඇතම් විට මද වේලාවකින් පැතිරුණු  ස්වභාවයක් ගන්නවා. ඇතැම් විට බොහෝ වේලාවක් එලෙසම පවතිනව. මෙම අවස්ථා දෙස බලා වර්ෂාව පිළිබදව අනාවැකි ඉදිරිපත් කරන්න පුළුවන්.
මෙම පියමන් රේඛා නිර්මාණය වීමක් සිදු නොවන්නේ නම් ඒ දිනවල වියලි කාළගුණයක් පවතින බවටත්, පියමන් රේඛා නිරමාණය වීමෙන් පසු බොහෝ වේලාවක් එලෙසින්ම පවතී නම් වායුහෝලයේ තරමක් ඉහළ ජල වාෂ්ප ප්‍රමාණයක් පවතින බවටත් එමෙන්ම ස0ඝනන පියමන් රේඛා නිර්මාණය වීමෙන් පසු මැකී නොගියද පැතුරුණු ස්වභාවයක් ගන්නේ නම් වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය ඉතා ඉහළ බවටත් අනුමාන කළ හැකියි.ඉහත තත්වයන්ට අනුව රේඛා නිර්මාණයෙන් පසු නොමැකී එලෙසම පවතින හෝ නොමැකී පැතිරුන ස්වභාවයක් ගන්නේ නම් වර්ෂාව ඇති වීමේ හැකියාවක් පවතින බවට අනාවැකි කියන්න පුළුවන්.
වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය ඉතා ඉහළ දිනයන්හිදී පමණක් ඔබට මෙම ස0ඝණන පියමන් රේඛා දක්නට පුළුවන්. පැහැදිලි අහසක් තිබෙන දවස් වලදී ඔබට ඉතා පැහැදිලිව මෙම රේඛා නිරීක්ෂණය කරන්න පුළුවන්.වායු ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් -26.5 ට වඩා පහළ අගය
වඩා පහළ අගයක් ගත් විට පියමන් රේඛා නිර්මාණය වීමේ හැකියාවන් පවතින බව විද්‍යාඥයන් සොයා ගෙන තිබෙනවා.එමෙන්ම අඩි 26000 ක සීමාව පසු කළ පසු මෙම උෂ්ණත්ව සීමාව ඉහළ අහස් වායු ගෝලයේදී හමුවන නිසා බොහෝ අවස්ථා වලදී එම සීමවෙන් ඔබ්බට පියමන් රේඛා නිර්මාණය වනවා. කෙසේ නමුත් වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය ඉහළ ගියහොත් එම උස සීමාවට පහළදී වුවත් පියමන් රේඛා නිර්මාණය වීමේ හැකියාව පවතිනවා.

පියමන් රේඛා නිර්මාණය කරන විශේෂ ගුවන් යානා නැත. ඒවා නිර්මාණය සදහා ගුවන් යාන මාදිළිය බලපාන්නේ නැහැ.
අතීතයේදී යුධ කටයුතු සදහා භාවිතා කළ ගුවන් යානා සිය පියා සැරියන් ආරම්භ කිරීමට පෙර මෙම පියමන් රේඛා නිර්මාණය වන උච්චය පිළිබදවත් වැඩි සැලකිල්ලක් යොමු කළා කීවොත් ඔබ පුදුමයට පත් වේවී.එයට හේතුව තමයි , සතුරාට යානාව දර්ශනය නොවී මග හැර සිය මෙහෙයුම් කල හැකි නියමිත උස සොයා ගැනීම තමයි ඔවුන් මෙමගින් සිදු කළ ඇත්තේ.

Sunday, October 27, 2019


මුතු අහුලන හලාවත වැලි කදු(ස්වාභාවික වැලි කදූ)


සුදෝ සුදු වන් රේන්දයකට අගය එක් කරන්නට සමත්, නීල වර්ණ සමුදුරු පීත්ත පටිය තැන් තැන්හි සුදෝ සුදු සේද සළුවක් මෙනි.රත් පැහැ මුහුදු තලය දිලෙන විඩාබර එහෙත් තේජවන්ත හිරු දෑස නිලන්කාර කරවයි. හරිත වර්ණ රුක් ගොමු තැනින් තැන සෙවණැලි රටා මවයි. නොගැඹුරු මහද්වීපික තටාකය, ලක් මවට සිසිල සලසමින් පෝෂණය කරන්නීය.
0කාවේ වයඹ ඩිග වෙරළ තීරය සුන්දරය, නිසන්සලය. නොගැඹුරුය.මේ වෙරළ තීරය අනාදිමත් කාලයක් තිස්සේ නොයෙකුත් ජාතීන්ට වෙරළ තීරයක් බවට පත්ව ඇත්තේ එහි ඇති ස්වාභාවිකව පිහිටන වරාය ලක්ෂණ හේතුවෙනි. ල0කාව වටා මුහුදුබඩ තැන්නේ අපට දක්නට ලැබෙන වෙරරළ තීරයකි.එහෙත් වැලිපර, වැලි වැටි හා වැලි කදු සමන්විත වෙරළ තීරයකට හිමිකම් කියන්නේ වයඹ දිග වෙරළ වීම සුවිශේෂ ලක්ෂණයකි.
ශ්‍රී ලන්කාවේ සිවාභාවිකව නිර්මිත වැලි පර දක්නට ලැබෙන්නේහලාවත උඩප්පුව, කල්පිටිය හා පුත්තලම ආශ්‍රිතවය.


භූ විද්‍යාත්මකව සලකා බලන විට වැලිපර නිර්මාණය වන්නේ ගොඩබිමට සමාන්තරව පටුව හා දිගැටි හැඩයෙන් වැලි නිදිගත වීමෙනි.
හලාවත වෙරළ තීරය මෙසේ ස්වාභාවිකව නිමාණය වූ මීටර් 30-40 උසින් යුක්ත වෙරළ වැලි පර දක්නට ලැබේ. මෙවැනි වැලිපර, කොරල් ගල්,බොරළු , 0ගා වැලි මෙන්ම ඇතැම් විට ජීව අජීව ශාක හා සත්ව කොටස් වලින්ද නිර්මාණය විය හැකි වෙයි.
ඉවුරක් ලෙසින් නිර්මිත මෙම වැලි පර ස්වාභාවික ආරක්ෂක  නිධි ලෙසින් වෙරළට ආරක්ෂාව ලබා දෙන අතරම සොභා සුන්දරත්වයට අමිල තිලිණයකි.
හලාවත උඩුප්පුව, අඹකදවිල ප්‍රදේශයේ දැකිය හැකි මෙම වැලි වැටි මීටර් 400ක් පමණ පළලකින් යුතුව කි.මී. 5 ක් පමණ වෙරළ පුරා පැතිර පවති. මෙම වැලි වැටි භූ විද්‍යාත්මකව මෙන්ම ජාතික වැදගත් කමක් උසුලයි.ඉහළ ආර්ථික වටිනකමක් යුතු මුතු බෙල්ලන්ගේ වාස භූමිවලින් පිරී ගිය වයඹ දිග වෙරළ ඇවිද ගිය රොබට් නොක්ස් මහතාටද මුතු බෙල්ලන්ගේ කටු වලින් නිර්මාණය වු සුදුවන්  වැලි කන්දක් ඇස ගැටුණු බවට සදහන්ය. කඩොලාන පරිසර පද්දතියටත්, වෙරළ බඩ ලවණ තෙත් බිම් හා වගුරු බිම් වලටත් නෑ කම් කියන මෙම ප්‍රදේශ මුහුද හා එක්වන ග0ගා කිහිපයකි.
කෙසේ වෙතත් වයඹ වේරළ තීරය, සොදුරු බවින් අගතැන්පත් කිරීමට ධීවර ප්‍රජාවට අවැසි මත්ස්‍ය සම්පතදෙන්නටත් ධීවර බිම් රැක ගන්නටත් නිරිත දිග මෝසමෙන් ඇති වන මුහුදු රළ මගින් සිදු වන ඛාදනය අවම කිරීමටත් මෙම වැලි වැටි මහෝපකාරී වේ.


ආහාර රුචිය වඩවන එනසාල් 

 Cardamom in (sinhala)


ආහාර සැකසීමේදී එහි රසය මෙන්ම වර්ණ්යත්, සුවදත් එක සේ වැදගත් වේ.කුළු බඩු මේ සදහා ලබ දෙන්නේ ඉහළ දායකත්වයකි.ආහාර රුචිකත්වය දනවන්නට ඇතැම් කුළු බඩු සමත්ය.එනසාල් ආහාර පිසීමේදී ගෘහනියන්ට නැතුවම බැරි රසකාරකයකි. ආහාර උචිකත්වය දනවන්නට තරම් එනසාල් මතින් අපූරු සුවදක් වහනය වෙයි. එබැවි ඇතැම් ගෘහනියෝ බත පිස ගැනීමේදී එනසාල් ඇට කිහිපයක් එකතු කර ගැනීමට පුරුදුව සිටිති.


Elettariacardamomum යන උද්භිත නාමය හදුන්වන එනසාල් හර්ද්‍රා නම් කුලයට අයත්ය. ඉංග්‍රීසි බසින් Cardamomumලෙසත් දෙමළ බසින් ඒලක්කායි ලෙසත් හදුන්වයි. කරදමුංගු එනසාල් සදහා තවත් නමකි. මහ එනසාල් සහ හීන් එනසාල් ලෙස එනසාල් වර්ග දෙකකි. මෙයින් වඩාත් ගුණදායක වන්නේ හීන් එනසාල්ය. කැස්ස, ඇදුම, අර්ශස් වැනි රෝග මුත්‍රා පිටකිරීමේ අපහසුතා සමනය කරන අතර, වාත නාශක ගුණයෙන්ද යුක්තය. ඌෂ්ණ ගුණයෙන් යුතු එනසාල් සැපීමේදී දැනෙන්නේ කටුක රසයකි. කුසගින්න වඩවයි. සෙම, පිත, ලේ, දෝෂ මෙන්ම සම කැසීම, වමනය සහ කැස්ස සමනය කරයි. පිත නසන ගුණයෙන් යුක්ත හෙයින් පිත් රෝග වලින් පෙළෙන රෝගීන්ට ගුණදායක ඖෂධයකි. හදවතට හිතකර වන අතර පපුවේ ඇති වන දැවිලි වේදනා සමනයට එනසාල් චූර්ණය ජලයට මිශ්‍ර කරබීම ගුණදායක වේ.එනසාල් සැපීමෙන් මුඛ දුර්ගන්ධය නැසෙන අතර, දත් නරක් වීම වලක්වයි. බුලත් විට රස කරන එනසාල් හුණුදුම් කොළ නොමැතිව ආහාරයට ගැනීමෙන් එහි ගුණාත්මක බව වඩවයි. ආර්ථිකමය වටිනා කමකින් යුතු එනසාල් සුළු අපනයන බෝගයක් ලෙස මාතලේ, මහනුවර, කෑගල්ල, නුවර එළිය, රත්නපුර හා ගාල්ල යන දිස්ත්‍රික්කයන් එනසාල් වගාව සදහා ප්‍රසිද්ද වේ.

 මල් පිපිම සදහා වසර තුනක කාලයක් ගත වේ.අගෝස්තු සැප්තැම්බර් වල ඵ්ල හට ගැනීම සිදු වේ. ඵලය සම්පූර්ණයෙන් මේරීමට පෙර එය නෙලා ගත යුතු වේ. ක්‍රමානු කූලව වියලා ගනු ලබන්නේ පිපිරීම වලක්වා ගැනීම පිණිසය. විශාල පරිමාණයෙන් වියලීම සිදු කරනු ලබ්න්නේ වියලන යන්ත්‍ර භාවිත කරමීනි.දේශීම මෙන්ම විදේශී වෙළද පොළේ එනසාල් සදහා අධික ඉල්ලුමක් ඇත.එනසාල් ආහරයට එකතු කරන්නේ කරන්නේ ප්‍රනීත බවකි. අත මිට සරු කරන ගුණ සපිරි එනසාල් කුළුබඩු ලොව අගරැජින ලෙස කිරුළු දරා ඇත.


ජාන විකෘතියක ඵලය....කුරු අලි  (Pigmy Elephants)/Kuru ali


අලි ඇතුන් දැවැන්තයෝය. බුද්දිවන්තයෝය. බර උසුලන්නට සමර්තයෝය. ගනකම් චර්මයකින් ශරීර ආවරණය කාග්න්නා වූද, ශක්තිමත් පේෂි පාද වූද, ශක්තිමත් දිගු දළ යුගලයද, ඔවුනට ආභරණයකි.අලියා, ඇතා අප දකින්නේ උස මහතැති සතුන් අතර සිටින යෝදයෙකු ලෙසටය. එහෙත් මේ සටහන ලිය වෙන්නේ කුරු අලියා ගැනය.අපි මිනිස් ලෝකයේද කුරු මිනිසුන් දකින්නෙමු.සත්ව ලෝකයේ ද එකී විවිධත්වයන් දක්නට ඇත.ගොඩබිම වෙසෙන විශාලතම සත්වයන් අතරින්ද කුරු අලි ලෝකයේ විව්ධ රටවල්හි වාර්තා වී ඇත. කුරු අලි ජාන විකෘතිතාවයක තවත් එක් ප්‍රතිඵ්ලයකි.ඒ සදහා එකල සිටම විවිධ පරසරික ස0සිද්දීන් මෙයට හේතුපාදක වන්නට ඇත. 


ප්ලයිස්ටොසීන යුගයෙන්, ඉනික්බිති සිදු වන පාරසරික සිදු වීම්, අලි ඇතුන්ගේ අලුත් වාසභූමි ඔවුන් කෙරෙහි විශාල බල පෑමකට හේතුපාදක විණි.වෙනත් විශේෂ හා සම්මිශ්‍රණය වීමේ ප්‍රථිඵලය වූයේකුරු අලි  බිහි වීමයි. මොවුන් ශරීර ප්‍රමාණයෙන්ද කුඩාය. හිස් කබල දත් හා විශේෂයෙන්ම පාද වල සැකැස්ම අනෙකුත් අලි ඇතුන්ට සාපේක්ෂව වෙනස් විණි. පාද ශරීරයේ මැදට වන්නට පිහිටියේය. දත් ස0ඛ්‍යාව අඩුය. කන් විශාලය.වගය පොළවේ ගෑවෙන නොගෑවෙන තරම්ය.කුරු අලියෙකුගේ ශරීරයෙ දිග මීටර් 2ක් පමණ වේ. දැනට හමුව ඇති කුරු අලියෙකුගේ සැකිල්ලක් චිලී රටේ ප්‍රදර්ශනය කෙරේ.කුරු අලින් පිළිබදව සැලකීමේදී දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ආශ්‍රිතව 1970 පමණ සිටි බව වාර්ථා වේ. කුරු අලින් පිළිබදව පොසිල මධ්‍යධරණී විවිධා දූපත් ආශ්‍රිතවද, සිසිලි හා මෝල්ටා රටවලින්ද හමුව තිබෙනවා.වර්තමානයේ ඔවුන්ගේ ව්‍යාප්තිය පිළිබදව සටහන් හමු නොවේ. එසේ වුවද මිටි අලි ඇතැම් රටවල්හි ජාතික සත්වෝද්‍යාන වල උපත ලබති. ආහාර ගැනීම පිළිබදව සැලකිලිමත් වන්නේද අල්ප වශයෙනි.එහෙත් මිටි අලි උපත් අපෙ රටෙ ජාතික සත්වෝද්‍යාන වල හෝ ස්වාභාවික පරිසරයේදී වාර්තා නොවන ආකාරයක් පෙනේ.




අති ස0වේදී අලි - නිල ශාස්ත්‍රය...

/Alinge nila shathraya

මිහිමත දැවැන්තයින් වන අලි ඇතුන්ගේ සිරුරේ වඩාත් විශාල ස0වේදී ඉන්ද්‍රිය වන්නේ සමයි. අලියෙකුගේ සම පුරා අධික ස්නායු ප්‍රමාණයක් දක්නට ලැබෙයි. සමේ ඇතැම් ස්ථානවල අනෙක් ස්ථාන වලට වඩා අධික වශයෙන් සිනායු සෛල ප්‍රමාණයක් එකතු වී තිබේ. එලෙස අධිකව ස්නායු සෛල එකතු වී ඇති ස්ථාන ඉතා ස0වේදී වන අතර එම ස්ථාන නිල වශයෙන් හදුන්වයි.මේ අති ස0වේදී ස්ථාන හෙවත් නිල ස්පර්ෂ කිරීම, තෙරපීම හෝ ඇනීම මගින් අලි ඇතුන්ට විවිධ ක්‍රියාවන් සදහා නිරායාසයෙන්ම පෙළබවීමට හැකියාවක් ඇති බව පාරම්පරික අලි බලන්නන්ගේ අදහසයි. මේ ක්‍රියාවලිය නිල ශාස්ත්‍රය වශයෙන් හදුන්වයි.
නිල ක්‍රමානුකූලව, ඉවසීමෙන් නිවරදිව හදාරා ඇති අයෙකුට එම ශාත්‍රය පිළිබදව පූර්ණ අවබෝධයක් ලද හැකිය. අලි ඇතුන්ට ශාරිරිකව හානියක් නොකර අදාළ නිලය තෙරපීම, ස්පර්ෂය කිරීම හෝ ඇනීමක් සුදු කිරීමෙන් තමන් අපේක්ෂා කරන කාර්යය අලි ඇතුන් ලවා ඉටු කරවා ගත හැකිය. අප රටෙ වසර දහස් ගණනක් තිස්සේ පරම්පරිකව පැවත එන, අලි ඇතුන් සමග සම්බන්ධ වී ඔවුන් රැකබලා  ගැනීමේ ශාස්ත්‍රය පිළිබදව හැදෑරූ අපගේ පැරණි විද්වතුන් විසින් ශ්‍රී ලා0කික අලියාගේ සිරුරේ නිල 86 ක් හදුනාගෙන ඇත.



01.සොඩය අකුලා ගැනීම
02.සොඩය දිගහැරීම
03.බිය ගැන්වීම
04.බියගන්වා කුන්ච නාද කරවීම
05.බිය ගැන්වීම, කුන්ච නාද කරවීම, හස්තියා නැවැත්වීම
06.පාලනය යටතට ගැනීම
07,10,15,22,28,56,57,64,86. මරණය
11,12. පාලනයට යටත්වේ.
13.ප්‍රබෝධවත් කරවීම.
14.පාලනයට යටත් වේ.
16. දන ගැසීම
17. පසුපසට යෑම
18.ගසකට බදින ලද සත්වයා පාලනය වේ.
19.සත්වයා උරහිස පාත් කරයි.
20. දණ නමයි/ ගෙල පහත් කරයි/ නවතියි
21.පාලනයට යටත් වේ.
23.හිස නවයි.
24. හස්තියා නවතියි
25.කෝප වෙයි.
26. නවතියි
27.පිට මත නැගීමට ඇරයුම් කරයි.
29.නවතයි
30.පාලනයට යටත් වෙයි.
31,32.ගමන් කරයි.
33.හිස පහත් කරයි.
34,35.හිරි වැටෙයි
36,37.හස්තියා ඇවිදීමට මෙන්ම ණ්වැත්වීමට භාවිතා කළ හැකිය.
38.පිට මත නැගීමට ඉඩ සලස්වයි.
39,41.බියට පත් වෙයි.
42,46.ඇවිදියි
47. නවතියි
48. නවතියි හෝ ගමන් කරයි.
49.පිටමත නැගීමට (ආසනයට )ඉඩ දෙයි.
50.සන්සුන්ව නවතියි
51,52.නැගිට දුවයි
53,55.වටේට කැරකවෙයි.
58.බිම වැතිරෙයි.
59.වටේ කැරකවේ.
60,61.කෝපයට පත් වේ.
62.වටේ කැරකවේ.
63. කෝපයට පත්වේ.
65,68.සත්වයා නවතියි.
69,71.දණ ගසයි
72,73,74.මින් නිල දෙකක් ස්පර්ෂ කරවිට සත්වයා ගමන් කරයි.එක නිලයක් ඇල්ලූ විටනවතියි.
75.ඇත්ගොව්වාට නැගීමට සිය පෙර පාදය දෙයි.
76.පෙර පාදය දිගු කරයි.
77,78.ඇත් ගොව්වා නැගීමට සිය පෙර පාදය දෙයි.
79.කොර ගසයි.පසු පාදය පෙරට ගෙනෙයි.
80,81.පසු පාදය දෙයි. නවතයි.
82.පසු පාදය පසු පසට අදියි.
83,84.පෙර පාදයන් ඔසවයි.
85. පාදය ඔසවයි.මැදගිල්ලේ නිය මත පාතබන  ඇත්ගොව්වාට පෙර පාදය මත සිට ගැනීමට ඉඩ දෙයි.


ජාන චිකිත්සාව..... /jaana chikithsaawa


ජීවින්ට සෑදෙන රෝග වර්ග දෙකකි. ඒවා නම් ප්‍රවේණික හා ප්‍රවේණික නොවන වශයෙනි. ප්‍රවේණි රෝග වලට හේතු වන්නේ යම්කිසි ජානයක ඇති අක්‍රමිකතාවයකි. හිමොෆිලියාව,ලියුකේමියාව, පිළිකාව හා ගැටිති මෙවැනි රෝග වලට උදාහරණ වේ.විශේෂයෙන්ම මිනිසගේ රෝග සුව කිරීම සදහා ජාන චිකිත්සාව හදුන්වා දුනි. මෑතකදි ඇමෙරිකා එක්සත් ජනපදයේදී මෙවන් රෝගියෙකු සුවපත් කෙරුණු අතරෑහිදී රෝගියා ශ්‍රී ලා0කික ප්‍රභවයක් ඇති දැරියකි ක්‍රමෝපායන් අනුව ජාන චිකිත්සාව වර්ග දෙකකි. සෛලයෙන් පිටත හා සෛලය තුළ වශයෙනි.

01.සෛලයෙන් පිටත ජාන චිකිත්සාව


අක්‍රමිකතාව සහිත සෛලය හෝ පටකය වෙන් කරගෙන ජාන තාක්ෂණය ආධාරයෙන් එම සෛල තුළ ඇති ජානමය වරද නිවැරිදි කෙරේ.



02.සෛල තුළ ජාන චිකිත්සාව



වාහකයෙකු ආධාරයෙන් අදාල ජානය කෙලින්ම දේහයට විදිනු ලැබේ.ඉන්පසු ජානය ජිනෝමය තුළට ඇතුළු වී රෝගය සුව වෙතැයි අපේක්ෂා කෙරේ.මෙය වඩා ලෙහෙසි වන අතර බොහෝ විට වාහක ලෙස වෛරස යොදා ගැනේ. නමුත් ජාන බද්දය 100% ක් සිදුවේද යන්න සැක සහිතය.
මෑතකදි එළි දැක්වුණු ජාන චිකිත්සා ක්‍රමයක් වන්නේ අදාල වැරදි ජාන්යේ අණුව වෙනස් කරගෙන එයින් පිටපත්කරණය අනුව ජානයේ පිටපතක් සාදාගෙන එය සෛලයට බද්ද කිරීමය. ඉන් පසු ප්‍රතිජානය මගින් අණුව හා බැදෙන බැවින් ප්‍රෝටීනය ස0ස්ලේෂණය අවහිර වී රෝගය යටපත් වේ. මෙය ප්‍රති නිශේධන චිකිත්සාව නම් වේ.

 මේ අතර කළල අවස්ථාවේදී ඇති ප්‍රවේණික දුබලතා හදුනාගෙන නිවරැදි කළ නොහැකිනම් ගබ්සා කිරීම, නැතහොත් ඉහත ක්‍රම වලින් නිවැරිදි කිරීම පවා දැන් ලෝකයේ සිදු කෙරේ. ඒ අනුව ජාන චිකිත්සාව වෛද්‍ය විද්‍යාවේ වැදගත් අ0ගයක් බවට පත් වී ඇතැයි නිගමනය කළ හැකිය.

Tuesday, October 22, 2019


ශ්‍රී ල0කාවේ ජෛව විවිධත්වය වනසන යෝධ නිදිකුම්බා.... (  Mimosa pigra  ) 

yooda nidikumba


ශ්‍රී ලන්කාවේ ජෛව විවිධත්වයට දැඩි තර්ජනයක්ව ඇති ආගන්තුක ආක්‍රමණකාරි ශාක අතරින් යෝධ නිදිකුම්බා වලට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. ශ්‍රී ල0කාවේ විශේෂයෙන්ම මහවැලි කලාපය ආශ්‍රිතව කෘෂි කාර්මික බිම් ආක්‍රමණය කරමින් වේගයෙන් පැතිර යන මෙම ශාකයMimosa pigra ලෙස උද්භිත විද්‍යා නාමයෙන්  හැදින්වෙන අතර දේශීයව "යෝධ නිදිකුම්බා" " බළල් නිය නිදිකුම්බා" ලෙසින් හැදින්වේ. 


රනිල කුලයට හා නිදිකුම්බා උප කුලයට අයත් වූ මෙම නිදිකුම්බා ශාක විශේෂය ප්‍රමාණයෙන් විශාලව වැඩෙන ගස් වේ. මධ්‍යම ඇමෙරිකාව මුල් බිම් කරගත් මෙම ශාකය දැනට ඕස්ට්‍රෙලියාව, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, ශ්‍රීල0කාව හා අෆ්‍රිකාව ඇතුළු රටවල් ගනණාවකට ව්‍යාප්ත වෙමින් එම රටවල්හි වටිනා පරිසර පද්දති ගණනාවක්ම වනසමින් බලවත් පාරසරික ගැටළුවක් බවට පත්ව ඇත. යෝධ නිදිකුම්බා මුල් වරට ශ්‍රීල0කාවෙන් සොයා ගනු ලැබුවේ 1995 දීය. මහනුවර තැන්න කුඹුර ප්‍රදේශයේදීය. මහවැලි නිළධාරින් පවසන පරිදි මෙම ශාකය අද වනවිට හෙක්ටයාර 2500 කට වඩා වැඩි ප්‍රදේශයක් තුළ පැතිරෙමින් මහනුවර, වත්තේගම, මාතලේ, කටුගස්තොට වැනි ප්‍රදේශ ගනණාවකම විශේෂයෙන්ම මහවැලි ගග ඉවුරු දෙපස හා වික්ටෝරියා , බෝවතැන්න, කොත්මලේ වැනි මහවැලි ජලාශද ආක්‍රමණයකොට ඇත.මෑතකදී මෙම ශාකය මාතර ප්‍රදේශයෙන්ද පැතිරෙන ලකුණු පුවත්පත් මගින් වාර්ථා වෙමෙන්, එය ල0කාව පුරා දරුණු උවඩුරක් වන ලකුණු පෙන්වයි. මෙම ශාකය මෙරටට පැමිණි ආකාරය පිළිබදව පිළිගත් සක්ෂි නොමැති අතර මහවැලි ඉදි කිරීම් සදහා ඕස්ට්‍රලියාවෙන් මෙරටට ගෙනා යන්ත්‍රොපකරණ සමග පැමිණි බීජ මගින් මෙරටට පැමිණියේයැයි විශ්වාස කෙරේ. 

ඕස්ට්‍රලියාව වැනි රටවල අක්කර දහස් ගණන් ව්‍යාප්තව ඇතිමෙම ශාකය විනාශ කිරීමට අති විශාල මුදල් ප්‍රමාණය්ක් වියද්ම් කර ඇත.ශ්‍රීලන්කාව වැනිදියුණු වෙමින් පවතින රටකට එවැනි රටකට එවැනි අවස්ථාවකට මුහුණ පෑම ඉතා අසීරු වේ.එමෙන්ම ශ්‍රී ල0කාවේ මෙම ශාකය වැඩිපුරම ව්‍යාප්ත වී ඇත්තේමහවැලි කලාපයේ කෘෂිකාර්මික බිම්වල බැවින් එමගින් ඇති කරනු ලබන ආර්ථික බලපෑම සුළුපටු නොවේ.




තනි සෛල ප්‍රෝටීන....

Thani saila protine

තනි සෛල ප්‍රෝටීන හෝ ප්‍රොටීන යනු ආහාර වේල තුළ අඩ0ගු විය යුතු අනිවාර්‍ය් පෝෂක ස0ඝටකයකි.නමුත් වැඩිවන ජනගහනයත් සමග ප්‍රෝටීන නිෂ්පාදනය අඩු වී ඇති නිසාසාම්ප්‍රදායික ප්‍රභව වලින් පමණක් ප්‍රෝටීන නිපද වීම ප්‍රමාණවත් නොවේ. තනි සෛල ප්‍රෝටීන මෙහිදී ආර්ථිකව ලාබදායි ප්‍රබේදයක් ලේස හදුනගෙන ඇත. ක්ෂුද්‍ර ජීවී සෛල වල ඇති ප්‍රෝටීන ස0ඝටක මෙසේ තනි සෛල ප්‍රෝටීන ලෙස හැදින්වෙන අතර බැක්ටීරියා, යීස්ට්, ඇල්ගේ හා සූත්‍රිකාමය දිලීර ආශ්‍රයෙන් මේ ප්‍රෝටීන ලබා ගත හැක. දැනට ලෝකයට ගැටළුවක් වී ඇති විවිධ අපද්‍රව්‍ය උපස්තර වශයෙන් භාවිතාකර මෙම නිෂ්පාදනයන් සිදු කිරීමට හැකි වීම අමතර වාසියකි. ආහාර කර්මාන්ත වලින් බැහැර කරන අපද්‍රව්‍ය කඩදාසි කර්මාන්තයේ බැහැර කරන අපද්‍රව්‍ය, දැවමය හා මද්‍යසාර කර්මාන්තයේ අපද්‍රව්‍ය සහ විශේෂයෙන්ම මිනිස් හා සත්ව අපද්‍රව්‍ය ප්‍රෝටීන නිෂ්පාදනය සදහා උපස්තර ලෙස යොදාගත හැකිය.

එනමුත් පෝෂ්‍යදායි ප්‍රෝටීන නිෂ්පාදනය සදහා යොදා ගන්නා බැක්ටීරියා රෝගකාරකයන් නොවිය යුතුවා මෙන්ම විෂ ද්‍රව්‍ය නිපදවීමද නොකළ යුතුය. ආහාරයේ ගුණාත්මය සහතික කර තනි සෛල ප්‍රෝටීන ලෝක ජනතාවගේ ප්‍රෝටීන හිගතාවයට පිළියමක් ලෙස භාවිතා කළ හැකිය.